






(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වසර ගණනාවක් තිස්සේ පුරන්ව තිබූ කුඹුරු යායක් අස්වැද්දීමට නාත්තන්ඩිය වීරහේන විහාරස්ථානයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ දිනවල කටයුතු කරති.
විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේගේ මඟපෙන්වීම හා අනුශාසකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවීම සිදුවේ.
විහාරස්ථානය සතු අක්කර දහයක පමණ කුඹුරු යායක් මෙසේ අස්වැද්දිමට කටයුතු කර ඇති අතර මේ වන විට අක්කර තුන හමාරක් පමණ එම ප්‍රදේශයේ මූලික බිම් සකස් කිරීම අවසන් කර තිබේ.
විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා සහ එහි අධ්‍යාපනය හදාරන සිසුන් මේ දිනවල කුඹුරුඅස්වැද්දීමේ කටයුතුවල නිරත වෙති.
දිවයින පුරා පිහිටි පුරන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු සිදු වන බවත් සෙසු අයටත් මේ සම්බන්ධව උනන්දුවක් උවමනාවක් ඇති වන අයුරින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කළ බව විහාරාධිපති නිවන්දම ධම්මිස්සර ස්වාමීන් වහන්සේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර 10 පන්සලට ඉතුරුවෙලා තියෙන එකත් පුදුමයක්. ඔය පැත්තේ අරාබි සිහින දකින කට්ටිය නැහැ වගේ..
සාදු සාදු... ථේරපුත්තාභය හාමුදුරුවන් ගිය මග යන අපේ පරපුරේ හිමිවරු. චිරං ජයතු බුද්ධ ශාසනං...
මේ ස්වාමීන් වහන්සේලා කුඹුරු කරවන නිසා පොත් කියවන්න වෙලාවක් නැත. ඒ නිසාද කොහෙද කිඹුලාවල ඉදිකළ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය සහ පුස්තකාලය බේකරියක් කළේ..
මේ 1 වෙනි ඡායාරුපය මගේ සිත්ගත් එකක්. මෙහි සිටින ගිහි දරුවා සමහරවිට මේ සාමනේර හිමිවරුන් මහණ වීමට පෙර, ගිහි ජිවිත ගතකළ කාලේදී ඒ අයගේ මිතුරෙක් වෙන්න ඇති. පාසලේදී කෙලි දෙලෙන් දුවපැනපු සුන්දර කාලය, අමතක වෙලා නැහැ වගේ... සාමනේරවරුන් 3 දෙනාම ඈත යමක් දෙස නෙත් යොමුකරගෙන ඉන්නවා. ඒ දිවිමගේ නිස්සාර යථාර්තය දෙසද? ගිහි දරුවා ඒ සියල්ලන්ටම පිටුපසින් හිඳ හැඟීමකින් තොරව බලා ඉන්නවා..".. මට දුර වැඩියි...." වැනි පසුතැවිල්ලකින් ඔහුව පෙළනවාද...?
කෝ මේ ගමේ දායකයන්, තරුණයන් එහෙම නැත්ද මේ උතුම් කාර්යයට උදව්වක් දෙන්න?
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සත්‍ය වශයෙන්ම මඩට බැස කුඹුරු යායක් අස්වැද්දීමට උත්සාහ කරන මේ ඡායාරූප පෙළ සහ සමහර වැඩිහිටි භික්ෂූන් වහන්සේලා මඩට නොබැස ගොඩ සිට මඩ වැඩකරන අවස්ථාද නැතුවා නොවේ...
මහණ විය යුත්තේ කුඹුරු කෙටීමට නොව නිවන් ම අවබෝධ කර ගැනීමටයි. කුඹුරු කෙටීමට ඕනෑතමර් ගිහියන් ඇත. විනය පිටකයට අනුව කුඹුරු කෙටීම තබා, ගසක අත්තක්වත් කැඩීමට අවසර නැත.
අහෝ මේ භික්ෂූන් වහන්සේලාද? මේ හිමිවරු ඇයි මේ අකැප දේ කරන්නේ? යම් මහණෙක් පොළොව කණින්නේ නම් හෝ කණවන්නේ නම් එය පඨවි ඛණ ශික්ෂාපදයට අනුව එය පචිති ඇවතක්. යම් මහණෙක් රුක් සිඳීමත් සිඳවීමත් කරන්නේ නම් භූතගාම ශික්ෂාපදයට අනුව එයත් පචිති ඇවතක්. කුඹුරු කරමින් දුසිල්වත් බවට පත්වුණාම තමන් ශාසනයේ පැවිදි වූ කාරණය ඉෂ්ඨ කර ගන්නේ කොහොමද? අනික තව පිරිස් මේ දුසිල්වත් ක්‍රියාව නිසා නොමඟ යනවා.
දරුවන්, දෙමව්පියන් කැමැත්තෙන් මිස පැවිදි නොකළ යුතු බව ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළහ...!!!
මෙය ඉතා නරක ආදර්ශයක්.... හාමුදුරුවරු කුඹුරු කොටන්න නෙවෙයි ඉන්නේ. ඒ මදිවට ෆොටෝ ගහලා පත්තරෙත් දානවා. මේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලා ශිෂ්‍ය භික්ෂූන්ට ලබාදෙන්නේ නරක ආදර්ශයක්... පස්සේ බෙරිහන් දෙනවා තරුණ භික්ෂූන් සිවුරු අරිනවා කියලා...
අනේ කාලේ... වනේ වාසේ.. කිව්වලු නේද හාමුදුරුවනේ... සුවපත් වේවා..!!!
මොනවද මේ කරන විහිළු සහගත වැඩ...? බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද හාමුදුරුවන්ට කුඹුරු අස්සද්දන්න කියලා. මීට වඩා හොඳ නැද්ද පාත්‍රයක් අතට දීලා පිණ්ඩපාතය වඩින හැටි පුරුදු පුහුණු කළා නම්... මේවා කවුරුවත් අගය කරන්න එපා. මේව බුද්ධ දේශනාවට සම්පූර්ණ විරුද්ධ වැඩ.
හරිම ලස්සනයි. ආදර්ශමත් ක්‍රියාවක්.
මෙය හොඳ ප්‍රවණතාවයක් නොවේ. භික්ෂූන් වහන්සේලාගේ විනයට පටහැනි දෙයකි. ගිහියන් විසින් කළයුතු දෙයකි. මෙවන් දේවල්වලට අනුබල දීමෙන් වළකින්න.
ළමයින්ට ඔවුන්ගේ ළමාකාලය දෙන්න.