මල්වානේ වල්ගම ප්‍රදේශයේ නේවාසිකාගාරයක සඟවා තිබූ කේරල ගංජා කිලෝ 88ක් සමග දෙදෙනකු අත්අඩංගුවට ගත් බව  කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එහි වීදි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව ද පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙනා ත්‍රිරෝද රථ රියැදුරකු හා මෝටර් කාර්මිකයකු බව ද පොලිසිය කියයි.