
(සුජිත් හේවාජුලිගේ )
දිනෙන් දින ඉහළ යන භාණ්ඩ මිල හේතුවෙන් ජනතාව අමාරුවේ වැටී ඇති බවත් ආණ්ඩුව බඩු මිල සම්බන්ධයෙන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා පැවැසීය.
භාණ්ඩ මිල ඉහළ යෑමේ ප්‍රශ්නයට මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
බඩු මිල මේ ආකාරයට ඉහළ ගියහොත් කොතැනින් නතර වේ දැයි සිතා ගත නොහැකි බවත් භාණ්ඩ මිල දරා ගත නොහැකි පිරිස්වලට ආණ්ඩුව යම් සහනයක් ලබාදිය යුතු බවත් ඔහු පැවසුවේය.
විශේෂයෙන් සමෘද්ධිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභීන්ට ඉදිරි අයවැයෙන් සහන නොලැබුණහොත් ඒ අය බරපතළ අමාරුවක වැටෙන බව පැවසූ ජගත් කුමාර මහතා එවැනි සහනාධාරයක් නොලැබුණහොත් ජනතාව කබලෙන් ලිපට නොව ලිපෙනුත් පල්ලෙහාට වැටෙන බව ස්ථිර යැයිද සඳහන් කළේය.
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවත් බඩු මිල රටේ ජනතාවට දරා ගැනීමට අපහසු බව තමා ප්‍රකාශ කරන්නේ යැයිද මන්ත්‍රීවරයා කීවේය.
ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බොහෝ දෑ ඉටුකිරීමට නොහැකි වූයේ කොරෝනා වසංගතය නිසා බවත් බලාපොරොත්තු ඉටු නොවීම නිසා ජනතාව අතරේ ආණ්ඩුව කෙරෙහි යම් අප්‍රසාදයක් ඇති බව තේරුම් ගෙන සිටීම ගැන ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකෝ කෙළින්ම කියන්න බැරිද? නිකන් සෝබන දානවා මිනිස්සුන්ගේ ඡන්ද නැතිවෙයි කියලා බයට ... නැතිවෙන්න ඡන්දයක් ඉතුරුවෙලා තියෙයිද?
මන්ත්‍රීතුමෝ, ඉන්දියාවේ ගුවන් තොටුපලක් විවෘත්ත කරන අවස්ථාවට ලංකාවෙන් ක්‍රීඩා ඇමතිවරයෙක් සහභාගි වන්නේ මොකද කියලා පැහැදිලි කරදෙන්න පුළුවන්ද? බුද්ධ ශාසනය බාර ඇමැති වරයාටත් වැඩ බැරිද?
අනේ පව්.. එච්චර නොසතුටෙන් ඉන්න එපා... ඇඟට හොඳ නෑ.
අපි නම් මාර සතුටින් ඉන්නවා.
හරිම ලස්සන බොරුවක්.
මේ දුක කොරොනා නිසාම නෙවෙයි. ජාතික ධනයෙන් වැඩි කොටසක් තමුන්නැහැලාගෙ පාලනයෙ හොඳකමට මංකොල්ල කාල රටින් පිට කරපු නිසා, ඒකත් මෙතන කිව්වනම් තමයි හොඳ.
මුදල් නැතැයි කීම බොරුවක්. බලන්නකෝ ක්‍රීඩා ඇමැති ගේ වැඩ. ඇවිදින මංතීරු හදනවා. ගුවන් යානයක්ම අරගෙන රවුම් ගහනවා. ඉන්දියාවේ ගුවන් තොටුපල විවෘත කිරීම් වලට යනවා. ජනපතිට ඕවත් මතක් කර දෙන්න
දැන් එතකොට ආන්ඩුව කියන්නේ කවුද ? අපි ද ?
කොහේ ඉඳන් පත් වුන කෙනෙක්ද මේ. හොඳටම කඩේ යන කෙනෙක්.