(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය සහ ජනතාවගේ බඩුමිල ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ මන්ත්‍රීවරුන් එහිදී ජනාධිපතිවරයාට යෝජනා ගණනාවක් ඉදිරිපත් කළ බවයි.

ඉදිරි වසර දෙකේදී දැවැන්ත සහ සීඝ්‍ර සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

රටේ සංචිත සියල්ල හිදී ගියේ ගිය ආණ්ඩුවෙ පිරිස මහ බැංකුව කොල්ල කාපු නිසා යයි අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය.