
(සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
ගෑස් මිල හා බඩු මිල වැඩිවීම සම්බන්ධයෙන් සතුට පළ කරමින් කළුතර නගර සභා එජාප මන්ත්‍රිවරු අද පැවැති කළුතර නගර සභා මාසික රැස්වීමේදී කිරිබත් කමින් හා කිරිබත් බෙදා දෙමින් සතුට පළ කළහ.
සභාපති අමීර් නසීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර සභා ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.
රැස්වීම අතරවාරයේදී එජාප නාගරික මන්ත්‍රීවරන් වන සුරංග සොයිසා, ජයනාත් නවරත්න සහ නිරෝෂා ප්‍රියංකා සිල්වා යන මහත්ම මහත්මීහු රැස්වීමට සහභාගී වෙමින් සිටි පිරිසර කිරිබත් පිළිගැන් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ කාලකණ්ණි අවස්ථාවාදී හැත්තක් මේ තුන් ලෝකෙවත් නැතිව ඇත. අවස්ථාවාදියන් බඩු මිල ඉහළ ගියාම දුක් විඳින්නේ ජාති ආගම්, පක්ෂ භේදයකින් තොරව අපි හැමෝමයි. මේක තේරුම් ගන්න බැරි නූගත් පිරිසක් ප්‍රදේශ පාලනය කරන කොට රටට දෙයියන්ගේම පිහිටයි. තමන්ගේ විරුද්ධවාදීන්ට කරදරයක් වෙන කොට ඒකට සතුටුවෙන ජාතියක්. ජයකදී කිරිබත් කනවා. නමුත් කරදරයකදී කිරිබත් කෑම නින්දිතයි...
මෙම සිදුවීම දෙස කාරුණිකව, මධ්‍යස්ථව සියලුම ලක්වාසීන්ට දැකීමට හැකි වේවා... ලාංකිකයන් කිසිදා කෙනෙකු කරදරයේ වැටුණු විට සතුටුවණ ජාතියක් නොවන බව අප කවුරුත් දන්නා කාරණයකි. එනමුත් මුළු රටම අපහසුතාවයට පත්ව සිටින මේ මොහොතේ මේ "කාලකන්ණි පර බල්ලන්" ඒ පිළිබඳව සතුට ප්‍රකාශකිරිම කොතරම් කණගාටු දායකද? මේ නොකියා කියන්නේ අපි පට්ටියේ බලයේ හිටියා නම් මේ කිසි අඩුපාඩුවක් නැහැ යන්න නොවේද? "මී හරකුන් අශූචි වලට වැටෙනකොට වල් ඌරන්ට ජයමගුල්" යන කියමන මෙම වල් ඌරන්ට මනා ලෙස ගැලපෙනවා නොවේද? මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව මොවුන්ට කියවීමට හැකි වේවා...!!! කෙනෙකු කරදරයේ වැටුණුවිට සතුටු වෙන්නේ "පර බල්ලන්" බව අප නැවතත් සඳහන් කරන්නෙමු.
ක්‍රෝටන් කොළ ටිකක් කන්න දුන්නා නම් හරි.. මැටි මෝල්ලු...
දුප්පත් මහජනතාවට කරකියා ගන්න දෙයක් නැහැ... පුදුම මිනිස්සු ටිකක්, හරි නම් පුන්නක්කු.... දෙන්නයි වටින්නේ....
ජවිපෙ එකට දුන්නත්, එජාපයට ඡන්දෙ දෙන්න එපා... මෙච්චර වසංගතයක් වෙලාවේත් මේගොල්ලන්ට ජනතාවගේ අපහසුවන් දැක්කාම හරි ජොලි...!!!
බඩුමිල වැඩිවෙන එකට කවුරුත් සතුටු වෙන්නේ නෑ. මේ රජය බලයට පත් වුණු වෙලාවේ හන්දියක් හන්දියක් ගානේ කිරිබත් හදලා කාපු එකට උපහාසයක් විදිහටයි මේ පේන්න තියෙන්නේ...
ඡන්ද දායකයෝ, ගොබ්බයෝ වුණාම, මේ අය නටලා බල්ටිත් ගහනවා. පාතාල මැරයින්, කසිප්පු කාරයින්, කුඩුකාරයින් බලයට ආවාම ඔහොම වෙන එක අහන්න දෙයක් නැහැ...
පොහොට්ටුවේ අය මෙය දකින්නේ මිල ගණන් වැඩි වූ නිසා සතුටට කිරිබත් කන අවස්ථාවක් හැටියට. විපක්ෂ අය මෙය දකින්නේ මිල වැඩි වූ විට දක්වන සරදමක් හැටියටයි. එක එක කණ්ණාඩියට එක එක පෙනීම්...
මෙයාලා හැසිරෙන්නේ එයාලගේ කාලේ බඩු මිල අඩුකරලා සහන දුන්නා වගේ... ඔය කවුරුත් එකයි. බල ලෝභය විතරයි තියෙන්නේ.
ඔය තමයි රනිල්ගේ සහ ලක්ෂ්මන් විජේමාන්න යන යූඑන්පී ලොක්කන්ගේ ගෝලයෝ. අමීර් නසිර් තමයි කළුතර බෝධිය පෙනි පෙනී ස්ථිර ගව ඝාතකාගාරය කළුතරට ගේන්නේ. කළුතර නගර සභාව, මහනගර සභාවක් කරන්න නොදෙන්නේත් මේ ගොල්ලො තමයි. මොකද එහෙම කළාම මෙයාලාගේ බලය අඩු වෙන නිසා. මහ තුච්ඡ මිනිසුන් රැළක්. මිනිස්සුන්ගේ දුකට සරදම් කරන්න කිරිබත් කන මේ අයට බඩ යන්න ඕනෑ උන්හිටි තැන්වලම....
ඇයි ෆයිරූස් මැරිලා ඉපදිලා වගේ... යහපාලනේ කාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ..? අමතකද ක්‍රෝටන් කොළ කන්න කිව්වා....!!!
ජයග්‍රහණය හෝ පරාජය නිහඬව භුක්ති වින්දානම් දැන් හොඳයි කියා සිතෙන්නේ නැද්ද? තමන් ඡන්දය දුන් පක්ෂය ජයග්‍රහනය කළවිට පරාජිතයින්ට ඔලොක්කුවට මහමග නටනටා... කිරිබත් කෑමේ ප්‍රතිඵලය වුනේ බඩුමිල ඉහළගිය අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් විපක්ෂ මත දරන අයත්, එම ආදර්ශය ඔවුන්ට පෙන්වීමට උත්සාහ දැරීමකි. නමුත් මෙය යහපත් ක්‍රියාවක් නොවන බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත.
මේ අමනයෝ බලයට ආවොත් කුමක් සිදුවෙයිද? මිනිස්සු අමරුවේ වැටිලා ඉන්න මොහොතේ විහිලු කරනවා. මුන් හැමදෙනාම හොඳ හැටි හම්බකරගත් චව්‍ර්‍රයෝ.අඩු තරමින් රන්ජන් හා තෙවරප්පෙරුම කලා වගේ ආහාර එකතු කර දුප්පතුන්ට බෙදා හැරිය නොහැකිද?
රෙදි සලාකයට දුන්නහම දහනායක මහත්තය ප්‍රතිචාර දැක්වුයේ අමුඩයකින් . ඒවා වත් ඉගෙන ගෙන නැති දේශපාලකයෝ
ක්‍රෝටන් කොල නෙමේ තණ කොක කවන්න ඕනේ ඒ කාල බඩු මිලයි මේ කාලෙ බඩු මිලයි බලන්න. ඒ කාලේ පෝලිම් තිබ්බෙ නෑ. කවුදෝ කෙනෙක් ක්‍රෝටන් කොල ගුනයි කිව්වට සාගතයක් තිබ්බද?
බඩුමිල වැඩිවෙන එකට කවුරුත් සතුටු වෙන්නේ නෑ. මේ රජය බලයට පත්වුණු වෙලාවේ හන්දියක්, හන්දියක් ගානේ කිරිබත් හදලා කාපු එකට උපහාසයක්…
ජීවිත කාලයේදී දුටු අප්‍රසන්නම දසුනක්... ඒ සම්බන්ධව රජයට බුද්ධිමත් විසඳුමක් දීම සමග විරෝධයක් පෑම විනා මෙවන් දේට පෙලඹෙන අය කෙරෙහි බලවත් පිළිකුලක් දැනේ...