(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බාල දක්ෂ කඳවුරකට සහභාගීවී යළි නිවෙස් බලා යමින් සිටි පාසල් සිසු සිසුවියන් ඔවුන්ගේ මව්පියන් සහ පාසල් ගුරුවරියන් රැගත් පෞද්ගලික බස් රථයක තිරිංග හදිසියේ අක්‍රියවීමෙන් රාගම බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී සිදුවීමට ගිය මහා අනතුරක් එම බස් රථයේ රියදුරාගේ දක්ෂතාවය හේතුවෙන් වැළකී ගිය බව පොලිසිය කියයි.
තිරිංග හදිසියේ අක්‍රිය වීම නිසා රිය දුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ඇදී යමින් තිබූ බස් රථය ගැමුණු මාවතට හරවා ගැනීමට සමත් වී ඇති අතර එම අවස්ථාවේ නවතා තිබූ ත්‍රී රෝද රථයකද ගැටී බස් රථය පෙරළී යාම නිසා සිසු සිසුවියන් 12 දෙනකු සුළු තුවාල ලබා උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
බස් රථය ඉදිරියට ධාවනය වූයේ නම් දුම්රියේ ගැටීමට බෙහෙවින් ඉඩ තිබූ බව සිද්ධිය දුටුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම දක්‍ෂ රියැදුරු මහතාට අපගේ ප්‍රණාමය! නමුත් දරුවන් ද සමඟ දීර්ඝ ගමන් යෑමට පෙර බස් රථවල තිරිංග පිළිබඳ සොයා බලනවා නම් හොඳයි.
ඔය හද්දා පරණ බස් කබල් තිරිංග අක්‍රිය වීම ගැන මම කලින් කියා තිබෙනවා, එත් මාළිමාවුන්ට ඒවා අල්ලන්නේ නැහැ උන් හිතා ඉන්නේ මම ආණ්ඩුවට බණිනවා කියලයි ඉතින් හිතරිදවාගෙන මට බනිනව. බදු අධික වීම නිසා ඔය පොඩි විනෝද සවාරි, කාර්යාල ප්‍රවාහනයල්, පාසැල් සිසු ප්‍රවාහනය වගේ ක්ෂේත්‍ර වල වාහන අලුත් ඒවා යොදවන්න බැහැ. මොකද ආදායම නව බස් රථයක් මිලදීගැනීමට ප්‍රමාණවත් නැහැ. ඉතින් පරණ කබල් පූට්ටු කරගෙන දුවනවා, අවුරුදු විස්සක් තිහක් හෝ ඊටත් පරණ කබල් මම අනන්තවත් දැක තිබෙනවා. ඉතින් අනතුරු වීම පුදුමයක්ද?