
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බට ලන්දේ සැබෑ වරදකරුවන්ට අනිවාර්යයෙන් නීතියෙන් දඩුවම් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අරඹමින් අමාත්‍යවරයා මේ බව කීය.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කල්තැබීමේ යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.
සුනිල් වටගල මහතා මෙසේද කීය.
බට ලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීති විරෝධී වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳව අද විවාද කෙරෙනවා. මේ කියන වකවානුවේ මා ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු කළා.මේ වධකාගාර ඇතුලේ අපේ සහෝදරයන්ට අත් වූ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.බටලන්ද පමණක් නොව තවත් වධකාගාර සිය දහස් ගණනක අපේ දේශප්‍රේමී සගයන් සිය දහස් ගණනක් දේශපාලනය කිරීමේ වරදට ඝාතනය කෙරුණා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
ගෝනිබිල්ලන්ටත් දඬුවම් දෙනවද? එහෙම උනොත් ඇමති මණ්ඩලේ පුරප්පාඩු ඇතිවෙයි නේද?
දඬුවම් දෙයි කියලා හිතෙනවා ඔබතුමා. වෙන කෙනෙක් හිටියේම නැද්ද ඔය ඇමැතිකම දෙන්න...
ඉක්මනින් දඩුවම් දිය යුතුයි.විශේෂ අධිකරණ පද්ධතියක් තුලින් හෝ.මේ අපරාධ කාරයන්ට ජිවිතයේ අවසාන කාලයේ හෝ දඩුවම් දිය යුතුයි .
රනිල් එක්ක ඩීල් දාගෙන ආන්ඩුව කරනකොට කොහොමද රනිල්ට දඬුවම් දෙන්නේ. ඕවා ඡන්ද ගුන්ඩු. මේ පාර මිනිස්සු අන්දන්න බෑ..!
රටේ ව්‍යඨවස්ථාව දන්නේ නැති මේ වගේ අය රට්ටු රවට්ටනවා. ලංකාවේ හිටපු ජනාධිපති කෙනෙකුට අත තියන්නවත් බැහැ...
අවුරුදු 14 ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒ කාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වායි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි!
වටගලයා ඒ දවස්වල ශිෂ්‍ය ව්‍යාපාරයේ නෙමෙයි, කුරුණෑගල පැත්තේ පන්සලක මහණවෙලා හිටිය සාමනේර කෙනෙක්. පස්සේ පන්සලේ පිං කැටේත් හොරකං කරගෙන, සිවුර රෙදිවැලේ වනලා ගිහින් තමයි හීරලුවෙක් වුනේ...!