එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට, බංග්ලාදේශයේ සහාය ලැබෙන බව එරට අගමැතිනි ෂීක් හසීනා ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ලැබේ.
ශ්‍රී ලංකාව මානව හිමිකම්, ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ යෝජනාව හෙට (21) ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ද පැවැත්වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 19 සහ 20 දෙදින බංග්ලාදේශයේ සංචාරයක නිරත වූ අතර එහිදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන තුළ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනාට කෘතඥතාව පළ කර ඇත.
බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඊට පිළිතුරු දෙමින් බංග්ලාදේශය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සිටින බවත් අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ රටවල් මිසක් වෙන හරිහමන් රටවල් සහය දෙයිද කියන එකත් සැකයි.