( රුක්මන් රත්නායක )
තිස්සමහාරාම, පන්නෙගමුව පෞද්ගලික බැංකුවක දොරගුලු කඩා, ඇතුළු වු පිරිසක් අද (31) එහි මුදල් සේප්පුව කඩා මුදල් සොරාගෙන පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සේප්පුවේ තිබු රුපියල් විසි හත්ලක්ෂ එකොලොස්දාස් පනස් හත්ලක්ෂයක මුදලක් සොරාගෙන ඇති බව පැමිණිල්ලක් ලැබී ඇති බව තිස්සමහාරාම පොලීසය පවසයි.
උදෑසන බැංකුවට පැමිණි නිලධාරීන් බැංකුව විවෘත කිරීමේදී මේ පිළිබඳව සැලවී පොලීසියට පැමිණිලි කර තිබේ.
තිස්සමහාරාම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිෂ්පාදනය අතින් අල්පෙනිත්තක් වත් නොහදන ලංකාවේ මිනිස්සු කැඩීම් සහ බිඳීම් සහ කැපීම සහ ඇනීම් අතින් විශාල දක්ෂතාවක් පෙන්නුම් කරනවා.
"සේප්පුවේ තිබු රුපියල් විසි හත්ලක්ෂ එකොලොස්දාස් පනස් හත්ලක්ෂයක මුදලක්" රෝසිගේ ගණන් වගේ ...
බැංකු මංකොල්ල කෑවාට දඬුවම් දෙන්නේ නැතිබව දැන් බැංකු මංකොල්ල කාරයින් දන්නවා.
මේ වගේ දෙයක් ඇතුලෙන් ඔත්තුවක් නැතිව කරන්න අමාරුයි. බැංකු වල මෙපමණ මුදලක් ප්රධාන සේප්පුවේ නොදමා පොඩි සේප්පුවක තැබීම ගැන සොයා බැලිය යුතුයි.
මන් එ්කනේ කිව්වේ රෝසිගේ නව සොයා ගැනීම දිගටම හාවිතා කරනවා කියලා.
අම්මට සිරි... මම දැනුයි ගාන ලියලා තිබෙන හැටි දැක්කේ... මේ අය කොහෙන්ද අංක ගණිතය ඉගෙනගත්තේ? අංක ගණිතය අනිවාර්ය විෂයක් නොකිරීමට ඇමතියෙක් යෝජනා කලේ ඕකතමයි.
"රුපියල් විසි හත්ලක්ෂ එකොලොස්දාස් පනස් හත් ලක්ෂයක්" කියන්නේ කොපමණ මුදලක්ද?