IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි

(රෝෂන් තුෂාර)

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන  රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය  චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය.  

සැකකාරියට එරෙහි පැමිණිල්ල සම්බන්ධයෙන්  නීතිපති දෙපාර්තමේන්තුවේ රජය නීතිඥවරයෙකුට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.

විෂ වර්ග අබිං සහ අන්තරායක ඖෂධ පාලක පනතේ 54 වගන්තිය ප්‍රකාරව සැකකාරිය අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කර  අධිකරණයට ඉදිරිපත් කළද ඊට අදාළ සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් රහස් පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මෙම නියෝග නිකුත් කෙරිණි.

මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම්  සලකා බැලීමෙන් පසුව සාක්ෂි නොමැති නම් සැකකාරිය ට ඇප ලබා දෙන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා සැකකාරිය එම වාර්තා ලැබෙන තෙක් ලබන 25 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගග කළේය.

සැකකාරිය සිය තුන් හැවිරිදි දියණිය සමඟ බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



අදහස් (0)

බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site