IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බැකෝ සමන්ගේ බිරිඳගේ දුරකථන තවත් පරීක්ෂා කරන්න නියෝග

(රෝෂන් තුෂාර)

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී  ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන  රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ ජංගම දුරකථන දෙක ඔස්සේ තවදුරටත් විමර්ශන කිරීමට කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා රහස් පොලීසියට අද(29) නියෝග කළේය .

සැකකාරිය සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන දෙකෙහි මුර පද සම්බන්ධයෙන් කරුණු විමසා බන්ධනාගාරය තුළදී  ප්‍රකාශ ලබා ගැනීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

විෂ වර්ග අබිං සහ අන්තරායක ඖෂධ පාලක පනතේ 54 වගන්තිය ප්‍රකාරව  අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග පරිදි රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකාරියගේ ජංගම දුරකථනය දෙකෙහි මුර පද බන්ධනාගාරයට ගොස් ඇයලවා  ඉවත් කරගෙන ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා මෙම අවසරය ඉල්ලා සිටිමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.



අදහස් (0)

බැකෝ සමන්ගේ බිරිඳගේ දුරකථන තවත් පරීක්ෂා කරන්න නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 161 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2055 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1580 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site