IMG-LOGO

බැකෝ යන්ත්‍රයට පාර වැරදී නිවෙසක් මතට වැටෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

බෙලිහුල්ඔය, ගලගම සිට ලඳුයාය දක්වා දිවෙන ග‍්‍රාමීය මාර්ගයේ ගමන්කළ බැකෝ යන්ත‍්‍රයක් අස්සැද්දුමවෙල ප‍්‍රදේශයේදී අද සවස පාරෙන් ඉවතට පැන  අඩි පහළොවක් පමණ පහළ නිවසක් මතට පෙරළීමෙන් නිවසට දැඩිලෙස අලාභහානි සිදුව ඇති බව ප‍්‍රදේශවාසීහූ පවසති.

නිවසේ නිදන කාමරය ඇති දෙසට බැකෝ යන්ත‍්‍රය පෙරළී ඇත. වහලට සෙවිලි කළ ඇස්බැස්ටස් තහඩු ගණනාවක් කැඞී වහලේ කොටසක් ද, බිත්තියට ද හානි සිදුව ඇති බව නිවස හිමි එච්.ආර්.එම්.අතුල සුගත්සිරි මහතා කියයි.

මෙම අනතුරෙන් ජීවිත හානි කිසිවක් නැතත් තමන්ගේ කුඩා දරුවාට සුලූ තුවාල සිදුව ඇති බව සුගත්සිරි මහතා සඳහන් කරයි.

අනතුරට පත් ජේසීබී යන්තය ලඳුයාය දෙස සිට ගලගම පැත්තට යමින් තිබූ එකකි. ප‍්‍රදේශවාසීන් පැවසුවේ එය තරමක් වේගයෙන් පැමිණි බවයි. රියදුරුට එය පාලනය කරගත නොහැකිව පහළ තිබූ නිවස මතට පෙරළෙන්නට ඇතැයි ප‍්‍රදේශවාසීන් සැකකරයි.

 



අදහස් (0)

බැකෝ යන්ත්‍රයට පාර වැරදී නිවෙසක් මතට වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site