
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1997 අංක 7 දරන ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකු පනත යටතේ සංස්ථාගත කර ඇති ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත කර ඇති බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වේ. නිවාස සඳහා අරමුදල් සැපයීම සහ ඊට අදාළ අනෙකුත් සේවා සැපයීම එහි මූලික අරමුණ වේ. 1975 අංක 13 දරන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකු නීතිය යටතේ ස්ථාපිතකර ඇති රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව පූර්ණ වශයෙන් රජයට අයත් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එමඟින් නිවාස සම්බන්ධිත උකස් ණය පහසුකම් සපයනු ලැබේ. මෙම බැංකු ද්විත්වයම කුඩා වෙළෙඳපොළ කොටසක් සහිත සාපේක්ෂව කුඩා මූල්‍ය ආයතනයන් වේ. තැන්පතු රැස් කිරීමේ සීමිත ධාරිතාව, දුර්වල ලාභ දායීත්වය, අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා සපුරාලීමට ඇති නොහැකියාව හේතුවෙන් එකී බැංකුවල වත්මන් ව්‍යාපාර ආකෘති තිරසර නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවමින්, සමස්ත බැංකු අංශයේ ස්ථාවරත්වය සහතික කිරීම සහ තැන්පත් කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම යන අරමුණු සහිතව, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ රජය සතු සියලු කොටස් හිමිකම ලංකා බැංකුව වෙත අත්පත් කරගෙන ලංකා බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමටත්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සියලු කොටස් මහජන බැංකුව වෙත අත්පත් කරගෙන එම බැංකුවේ අනුබද්ධිත ආයතනයක් ලෙස මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි අදාළ බැංකු විසින් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජයන් හීදී, දේශපාලකයින් හා රාජ්‍ය නිළධාරීන් මහජනයාගේ බදු මුදලට විවධාකාරයෙන් අපහාස කරන ලදී. සමාජයට මූවාවී මහාපරිමාණයෙන් ඉතා සැලසුම් සහගතව සිදු කරනා ලද මහා මූල්‍ය අපරාධයක් පිළිබඳව පිසූ ගිය කෝප් කමිටුවේදී අනාවරණය විය. එනම් මහජන මූදලින් ස්ථාපිත, ලංකා විදුලිබල මණ්ඩලයට අයත්, ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම මෙතෙක් රාජ්‍ය විගණනයකට ලක් නොකිරීමයි. මේ පිළිබදව කෝප් කමිටුව විමර්ශනය කරනා විට හිටපු විදුලි බල ඇමැතිවරුන්ගේ පශ්චාත් භාගයන් රත් වී ඇත. තවද හිටපු දිසාපති යැයි කියා ගන්නා පුද්ගලයින් ගේ අධෝ මාර්ගයේ ඉත්තෑවන් දගර නැටූම් දැමීමට පටන් ගෙන ඇත. මහජන බදූ මුදලට ගරු නොදත් මෙවන් රාජ්‍ය සේවකයින් සිටීම අපගේ අභාග්‍යයකි. වත්මන් රජය මෙම මහජන බදු මුදලින් ස්ථාපිත ආයතන නිසි පරිදි රාජ්‍ය විගණනයට ලක් කළ යුතු අතර මහජනයා මේ පිළිබඳව ඉතා විමසිල්ලෙන් සිටිය යුතුයි. මන්ද මෙම ආයතන ස්ථාපිනය කිරීමට භාවිතා කර ඇත්තේ අප සැමගේ බදු මුදල් වීම නිසායි.