(මනෝප්‍රිය ගුණසේකර)

ආගම් අතර අන්තවාදී” ජාතිවාදී හෝ එදිරිවාදී හැගීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරිදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරුණ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරමුවට පත් කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකු අදාළ චෝදනාවන්ට වරදකරුවන් බවට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තිරණය කළේය.

නව දෙනකු නිදහස් කොට මුදා හැරිමට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

චූදිතයන්ට දඬුවම් නියම කිරීමට නියමිතය