(එම්.සුසිල් පියන්ත)

ඌරගස්මංහන්දිය කයිලත්ත ප්‍රදේශයේ කුරුඳු කැලෑවක  පිලිස්සුම් තුවාල සහිත අභිරහස් අයුරෙන් මිය ගිය  පිරිමි අයෙකුගේ මළ සිරුක් අද (26)සොයා ගත් බව ඌරගස්මංහන්දිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ ඌරගස්මංහන්දිය ,කයිලත්ත පදිංචි තොම්මයා හකුරු දීප්ති කුලතිලක නමැති පනස් දෙහැවිරිදි විවාහකයකුගේ බව ද පොලීසිය කියයි.

මළ සිරුර සොයා ගන්නා විට මුලු  සිරුරම පිළිස්සී ගොස් තිබූ බවත් මළ සිරුර තිබූ ස්ථානයේ කුරුඳු කැලෑවේ කුරුඳු ගස් ද පිළිස්සී තිබූ බවත් පොලීසිය කියයි.

සිය නිවස පිටුපස කුරුඳු කැලෑවේ සිය නිවෙස් හිමියා පිළිස්සී මිය ගොස් ඇති බවට නිවැසියන් දුන් තොරතුරකට අනුව ඔහුගේ පිළිස්සී ගිය මළ සිරුර සොයාගත් බවත් පොලීසිය කියයි.