IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


පිළිස්සී මියගිය මෙහෙකාර දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියක සටහනක්

(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනිගෙන පිළිස්සී මිය ගිය බව කියන දැරිය නවාතැන් ගෙන සිටි කාමරයේ බිත්තියක ලියා තිබූ "මගේ මරණයට හේතුව" යනුවෙන් සඳහන් වැකියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඉංග්‍රීසි භාෂාවෙ අක්ෂරවලින් දෙමළ අර්ථයක් දැක්වෙන ආකාරයෙන් සඳහන් කර තිබූ එම වැකිය සම්බන්ධයෙන් මෙම මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව ය.

"එන් සාඋ කාරනම්" යනුවෙන් අදාළ වැකිය සහිත බිත්තියේ ඡායාරූප ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇති බවද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

අදාල වැකිය සහිත බිත්තිය ඊයේ (02) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අත් අකුරු පිළිබඳ විමර්ශකයන් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබූ බවද හෙතෙම පැවසීය .

එම දැරිවියගේ පාසල් පොත් කිහිපයක්ද විමර්ශ ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇති අතර, බිත්තියේ සටහන්ව තිබූ එම වැකිය ඇය විසින්ම සටහන් කළ එකක්දැයි යන්න සම්බන්ධයෙන් සෙවීම සඳහා අදාළ පොත්පත් ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු වන අතර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ වාර්තාව ත්‍රිපුද්ගල අධිකරණ විශේෂඥ මණ්ඩලය ඉදිරියේදී ලබාදීමට නියමිතව ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 



අදහස් (5)

පිළිස්සී මියගිය මෙහෙකාර දැරිය රැඳී සිටි කාමරයේ බිත්තියක සටහනක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 03 August 2021 08:29 AM

මේ වැනි අහිංසක, දුප්පත් දැරියන් යොදාගෙන සියලු පරවැඩද කරගෙන, කාමාශාවන් ද ඉටුකරගෙන, හැකිතාක් වද බන්ධනවලට ලක්කොට, අවසානයේ ගිනිතබා මරා දැමීම තිරිසනුන්ට හෝ කළ නොහැකි දේවල්... අරාබිකරයේ ගෘහ සේවිකාවන්ට පරාල ඇණ ගසා ඒ වන්නේත්, මේ වැනි මානසික විකෘති ඇති අය කියා තමයි පේන්නේ. සතුන්ට වද හිංසා පමුණුවා මරණයට පත්කරන මිනිසුන් අනතුරුව ඒවා මිනිසාටද කරනවා. සත්ව හිංසාව නොකළයුතු දෙයක් සේ නීති පොත්වල ඇති සේ පෙනෙතත්, ඒවාට නිසි පිළියම් යෙදේ නම්, මේ වැනි දේ පාලනය වේවි...!!!

:       0       0

Deepal Nirosh Tuesday, 03 August 2021 09:35 AM

ඉතින් ඇයි දැන් අපිට බැරි? මරණයට හේතුව සියදිවි නසා ගැනීමක් කියා නිගමනය කරන්න. මොකටද තව පරීක්ෂණ? හැමෝම ගොඩ...

:       0       1

damith Tuesday, 03 August 2021 10:53 AM

අවසානයේ මෙසේ විය. පාසල් පෙම් සම්බන්දතාවක් නිසා ඇය විසින්ම ඇයට ගිනි තියා ගන්නා ලදි. දැන් ද ඔය වාක්‍ය දැක්කේ.

:       30       13

වසන්ති Tuesday, 03 August 2021 03:18 PM

වැරැදිකරුවන්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. ළමා අපරාධවලට මරණ දඬුවම ලබාදිය යුතුයි..

:       0       61

kapila Tuesday, 03 August 2021 08:34 PM

මීට කලින් මෙම කාමරය බලන්න කී දෙනෙක් ගියාද? අර ප්‍රධාන පොලිස් පරීක්ෂකතුමිය කීප වතාවක් ගියා. පොලිසියට අපැහැදිලි වුණත් අපට නම් පැහැදිලියි මේක ඇය සියදිවි හානි කරගත්තා කියලා ඔප්පු කරන්න හදපු දෙයක්. කොහොමටත් පොලිසිය රිෂාර්ඩ්ගේ පැත්තේ.

:       0       84

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site