(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යුරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර නිසි අවස්ථාවේ යෙදීම සඳහා කිසිදු බාධාවකින් තොරව නිකුත් කිරීමට මේ වනවිටත් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
දැනට යල කන්නය සඳහා මිල දී ගත් යුරියා පොහොරවලින් වී වගාවට වෙන් කරන ලද මෙට්‍රික් ටොන් 21,000ක් පමණ තිබෙන අතර එමෙන්ම මහ කන්නය සඳහා ඇනවුම් කරන ලද පොහොර වලින් මෙට්‍රික් ටොන් 12,500 ක් මෙම මස 25 දිනත්, තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 120,000ක් නොවැම්බර් මස 20 දින වනවිටත් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
එම නිසා යුරියා පොහොර නොලැබේ යැයි කිසිදු බියක් සැකක් තබා ගත යුතු නැති අතර දෙවන හා තුන්වන මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙන්ම පීදෙන ගොයම් වර්ධනය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් නොවැම්බර් මස අවසන් වනවිට මෙරටට ලැබීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd