(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යුරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.
මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර නිසි අවස්ථාවේ යෙදීම සඳහා කිසිදු බාධාවකින් තොරව නිකුත් කිරීමට මේ වනවිටත් අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
දැනට යල කන්නය සඳහා මිල දී ගත් යුරියා පොහොරවලින් වී වගාවට වෙන් කරන ලද මෙට්‍රික් ටොන් 21,000ක් පමණ තිබෙන අතර එමෙන්ම මහ කන්නය සඳහා ඇනවුම් කරන ලද පොහොර වලින් මෙට්‍රික් ටොන් 12,500 ක් මෙම මස 25 දිනත්, තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 120,000ක් නොවැම්බර් මස 20 දින වනවිටත් ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය කියයි.
එම නිසා යුරියා පොහොර නොලැබේ යැයි කිසිදු බියක් සැකක් තබා ගත යුතු නැති අතර දෙවන හා තුන්වන මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙන්ම පීදෙන ගොයම් වර්ධනය සඳහා අවශ්‍ය මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් නොවැම්බර් මස අවසන් වනවිට මෙරටට ලැබීමටත් නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පළමු මුරයේ යූරියා තොග මධ්‍යස්ථානවලට බෙදා අවසන්