(යොහාන් භාසුර)

ලිට්‍රෝ ගෑස්  සමාගම ආනයනය කළ පළමු ගෑස් නැවේ ගෑස් මේ වන විට ගොඩබාමින් තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය.

තත්ත්වත්වරීක්ෂණය අසමත් වූ එම නෞකාව තිබූ ගෑස් නෞකාව තුළ දීම ප්‍රමිතියට සකස් කළ බවත් ඉන් අනතුරුව ඊයේ ස්ථානීය පරීක්ෂණයකින් පසුව ගෑස් තොගය ගොඩබෑමට අවසර දුන් බවත් එම නිලධාරියා කීය.

ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කල තත්ව පරීක්ෂණය අසමත් වූ දෙවැනි නෞකාවේ ගෑස් ද මේ වන විට එම අධිකාරිය සහ ප්‍රමිති ආයතනය පරික්ෂා කරමින් සිටින බවත් එම ගෑස්  ද ප්‍රමිතියට අනුකූල ලෙස සකස් කර තිබුණහොත් ගොඩබෑමට  අවසර ලබාදෙන බවත් පාරිභෝගික අධිකාරිය නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.