(අජන්ත කුමාර අගලකඩ)
පළාත් සභාවල සභාපතිවරුන්ගේ වාහන සහ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා සීමා කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා වන විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ ආණ්ඩුකාර ලේකම්වරුන් වෙත යවනු ලැබ ඇත.
ඒ අනුව පළාත් සභාවල සභාපතිවරයකුට එක් නිල වාහනයක් පමණක් වෙන් කෙරෙන අතර, ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 150ක් හිමිවනු ඇත.
ඉන්ධන දීමනාව , වෙළඳපොළෙ පවතින ඉන්ධන මිල ගණන් අනුව තීරණය කෙරේ.
මේ අතර, දුරකථන දීමනාව ලෙස ,කාර්යාලයේ දුරකතනය සඳහා මසකට රුපියල් පන්දහසක් ද,නිවසේ සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් 2,500 බැගින් ද හිමි වනු ඇත.
පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මීට පෙර වාහන දෙක තුනක් මෙන්ම ඉන්ධන හා දුරකථන දීමනා මීට වැඩි ප්‍රමාණයක් හිමි විය.
පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන මෙම දීමනා සීමා කර ඇත.
පළාත් සභාවල නිල කාලය අවසන් වුවද ,මීළඟ පළාත් සභාව රැස්වන තෙක් සභාපතිවරයාගේ ධුරය බලාත්මක වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Now they will rob much more, and will take bigger bribes.
ඔය පළාත් සභා අහෝසි කරලා දැමිය යුතුයි.
Not only politicians, it should be limited official vehicles usage of all the government officers including three forces and police too. It is a well known fact how wives are miss-using official vehicles and government resources that their husbands given.
ඉතාමත් හොද තීරණයක්!
This should be extended to the Legislature too !
කරන හොරකම් සීමා කරන්න අදහසක් නැද්ද?
පළාත් සබා නමට විතරයි,කිසිම වැඩකට නැහැ..ඉන්න අයත් නිකම් ඉන්දන් වරප්‍රසාද බුක්ති විදින එකයි කරන්නෙත් ?
මෙහෙම ගෙවන්නෙ තියෙන නීතියක් නිසා .ඒවා හදල තියෙන්නෙ ගෝල බාලයින්ට ජනතා මුදල් කෑමට .කිසිම වැඩක් නොකර මෙහෙම ගෙවීම් දූෂණ වලට ගන්න පුළුවන් මෙම අනවශ්‍ය වියදම් වහාම අහෝසි කල යුතුය රටේ විශාල පිරිසක් කුසගින්නේ හා මන්දපෝෂණයෙන් සිටිද්දී මෙලෙස ගන්නා මුදලින් යැපෙන්නන්ට සතර අපායේ දොරටු විවරවේවා.
මේක නම් මහම මහ අපරාදයක්. මේව නීතිගත කරල දාල ගසා කෑම සහ මහජන මුදල් අවභාවිතයන්. කිසිම හිරිකිතයක් නැතුව මෙගොල්ලො මුහුන උස්සගෙන පාරෙ යනව එනව.