(රංජන් කස්තුරි)
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමයට පැවැත්වීමට අද (04) පැවැති විශේෂ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පක්ෂ නායකයින් තීරණය කළ බව ඇමැති මනෝ ගනේෂන් මහතා ලංකාදීපයට පැවැසීය.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වන්නේ නම් දැනට පවතින අණ පනත් අහෝසි කළයුතු බවද ඒ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව පියවර ගත යුතු බවද මනෝ ගනේෂන් මහතා කීය.
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (04) පැවැති පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමේදී ගත් එම තීන්දුව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙන බවද ඇමැතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙප්පෝ, හකීම් උඩින් කැමති වේවි!!! නැතිනම් කෙළවෙන බව හොඳටම දන්නවා.
පුලුවන් තරම් ඉක්මනට පළාත් සභා ඡන්දෙ තියන්න. අවශ්‍ය අණපනත් අද හෙටම ගේන්න. බැරිකමක් නැහැනේ. පහුගිය දවස්වල එක දවසින් යෝජනා කරලා එදාම සම්මත කරගත්තා වගේ මේකත් එහෙම කරන්න. මම දෙන්නේ අභියෝගයක් පුළුවන් නම් කරලා පෙන්නන්න..
අවුරුදු 3 ජනතාවට එපාවෙලා... ආයෙ බලය ගන්න ඇතුන් දාලාවත් බැරිවෙයි.
ඇයි ඔයා ඒ තරම් ලොක්කෙක්ද?