(ඩයනා උදයංගනී)
උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල, මාතර සහ මහනුවර දිස්‍ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සවස 2.37යි... ගිගුරුම් පවතිනවා ඊයේ තරමක් වැස්සේ පෙරේදාට ටිකක් වැඩියෙන්... ඇත්තටම වහිනවා නම් හොඳයි. මොකද කුඩා තේ ඉඩම් හිමියන් දළු නැතුව ඉන්නේ පෑවිල්ල නිසා... පොහොර මිලත් ටී 750 කිලෝ 50ක් 8000ක් වෙද්දී 709 රුපියල් 14000ක් විතර වෙනවා. ඉතින් පෑවිල්ල නිසා ඉඩම් හිමියන් පමණක් නොවෙයි, දළු නෙලීම කරන අයටත් ඉතාමත් අමාරුයි..