(නිමන්ති රණසිංහ)
බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිඳ රුපියල් මිලියන 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍ර‍්‍රම මහත්මිය අද (27) නියෝග කළාය.
නිවාස සංකීර්ණ මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව රුපියල් මිලියන 72ක චෙක්පත් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව ඊයේ (26) අත්අඩංගුවට ගැණිනි.
සැකකරුවන් විසින් මෙම සිද්ධියට පාදක වූ මුදලින් රුපියල් මිලියන 57ක ප‍්‍රමාණයක් ලබාදීමට එකගතාවය පලකිරීම හේතුවෙන් මෙලෙස ඇප නියම කළ අධිකරණය ඇප කරුවන්ගේ මෙන්ම සැකකරුවන් දෙදනාගේ ද විදෙස් ගමන් තහනම් කිරීමේ නියොගයක් ද නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස ඇප මත මුදා හැරුණේ ගල්කිස්ස ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යපාරිකයකු මෙන්ම බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරයකු වූ සන් කුහවර්ධන් මහතා සහ ඔහුගේ බිරිද වූ කමලේෂණී කුහවර්ධන් නැමැත්තියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව අප ගරු අධිකරණයට හිස නමා ආචාර්ය කරන්නෙමු. මිලියන 72න් යනු දුප්පත් පුරවැසියන් වන අපට නම් සිහිනයකි. එයින් මිලියන 57ක් නැවත ලබාදීමට එකඟ වුණු බැවින් ඇප ලැබී ඇත. මේ තක්කඩින් අවභාවිතා කර ඇත්තේ මහජන මුදල් නොවේද? මින් ඉදිරියටත් මහජන මුදල් අවභාවිතා කර , එසේ හොරකම් කර නැවත ගෙවීමට එකඟ වන ඕනෑම තක්කඩියෙකුට මෙසේ ඇප ලබා ගැනීමට හැකි වේනම් මෙවන් තක්කඩින් තවතවත් මහජන මුදල් එලෙස හොරකම් කිරීමට පෙළඹෙනවා නොවේද යන්න අහිංසක පුරවැසියන් වන අපට නොසිතේද? අපගේ දැනුම නීතිය පිළිබදව ඉතාමත්ම අල්ප බැවින් එසේ මෙය පැහැදිලි කිරීමට හැකි මහත්ම මහත්මීන් සිටින්නේ නම් අපගේ දැනුම වර්ධනය කරගැනුමට පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
බඩගින්නට උයන්න දෙයක් නැතිව අඹ ගෙඩි 2ක් කාපු කාන්තාවට හිර දඬුවමක්.. මහා කම්බහොරුන්ට ඇප.. ඉතින් මේ අය හොරකම් කරන්න බයවේවිද?