(නිමල කොඩිතුවක්කු)
රුපියල් ලක්ෂ 700ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී එස් කුහවර්ධන් මහතා පක්ෂයේ දැරූ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත් කර තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා විසින් ගත් තීරණයක් මත කුහවර්ධන් මහතා මෙලෙස එම තනතුරු වලින් ඉවත් කර ඇත.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ දේශපාලන නියෝජිතයන් ලබන සතියේදී රැස්වී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකචඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ මේ අයගේ කතාව නම් ඇගපුරාම අවංක කම හැබැයි පහල බැලුවනම් වේට්ටියේ " වංක " කම බේරෙනවා