(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහ ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හැකි ඉක්මනින්ම දැනුම් දෙන්නැයි එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් 21 වැනිදා රැස්විය.
ගුණවර්ධන මහතා එම ඉල්ලීම කළේ ඒ රැස්වීමේදීය.
මේ අතර මේ රටේ මැතිවරණ ක්‍රමය සාධාරණ හා විනිවිදභාවයකින් යුතු මෙන්ම දූෂණයෙන් තොරවූ එකක් ලෙස සකස් කරන්නැයි දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යෝජනා කළහ.
දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික නිදහස් පෙරමුණ සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානය යන දේශපාලන පක්ෂවල නායකයෝ මැතිවරණ නීති පතිසංස්කරණ සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කළහ.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේ ජන්ද හිමි නාම ලේඛනය තවදුරටත් ප්‍රසාරණය විය යුතු බවයි.
ඡන්ද හිමි නාමලේඛනයට ජන්ද දායකයා සිදුකරන වෘත්තිය පිළිබඳ තොරතුරු, ස්ථිර පදිංචිය,ආදායම් මාර්ග,දුරකතන අංකය,විවාහක අවිවාහක බව, තමන්ට හිමි වාහන, නිවාස ආදිය පිළිබඳවද තොරතුරු ඇතුළත් කළ යුතු බව හෙතෙම පැවසුවේය.
එසේම පළාත් පාලන ආයතන සඳහා සියලු ජනකොටස්වල නියෝජනයක් අවශ්‍ය බවද උතුරේ බොහෝ ප්‍රශ්නවලට හේතුව නිසි නියෝජනයක් නොමැතිවීම බවද ඔහු පෙන්වා දුන්නේය .
මැතිවරණ සඳහා කොට්ඨාස ජන්ද ක්‍රමය ඇති කිරීම සුදුසු බව මෙහිදී පැවැසූ මෛත්‍රී ගුණරත්න මහතා එය පළාත් පාලන, පළාත් සභා සහ පාර්ලිමේන්තු යන සියලු මැතිවරණ සඳහා යොදා ගැනීම යෝග්‍ය බවද සඳහන් කළේය.
දමිළ ප්‍රගතිශීලි සංධානයේ නායක මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේ රටට යෝග්‍ය වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය බවයි.
විසිරී සිටින ජනවර්ගයන් සඳහා සාධාරණ නියෝජනයක් අවශ්‍ය වන බවත් එය හිමි වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයෙන් පමණක් බවත් ඔහු සඳහන් කළේය .
වර්තමාන සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ ජන්දදායකයකු ලබාදෙන සෑම ජන්දයකටම නිසි වටිනාකමක් ලැබෙන බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කීවේය.
මෙහිදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් මහතා පැවසුවේ මැතිවරණ කොමිසම තවදුරටත් ශක්තිමත් කර එහි ස්වාධීනත්වය තහවුරු කළ යුතු බවයි.
දැනට පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය දුර්වල මට්ටමක පවතින හෙයින් එම ක්‍රමය සංශෝධනය විය යුතු බව පැවසූ සුමන්දිරන් මහතා
සුළුජන කොටස්වල අයිතීන් ආරක්ෂාවන පරිදි මැතිවරණ ක්‍රමය ශක්තිමත් විය යුතු බවද සඳහන් කළේය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභා රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර,කබීර් හෂීම්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද
සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරිහුද සහභාගී වූහ.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 29 සහ 30 යන දිනවලද නැවත රැස් වන බව එහි ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද දායකයාගේ රස්සාව ,ආදායම් මාර්ග සොයන්න ඉස්සරවෙලා චන්දෙට ඉදිරිපත් වන මිනිස්සුන්ගේ වත්කම් බැරකම් සොයන්න .ඔය හදන්නේ මොකක හරි අනවශ්‍ය ප්‍රශ්න ඉස්සරහට දමලා ලබන අවුරුදු 3 ම පළාත් පාලන චන්ද නොතියන්න .පළාත් සභා නම් අවශ්‍ය නැත .නමුත් පළාත් පාලන චන්ද නම් කොරෝනා වසංගතය ඉවර උන ගමන් පවත්වන්න ඕනේ
අපිට තව අවුරුදු 10 කටවත් අයිත් චන්ද ඕනේ නැහැ .මේ යන විදියට යමු .රටේ සල්ලි බින්දුවටම හිඳිලා තියන වෙලේ මොන චන්දද ?පළාත් සභා සුදු අලියා නම් ඕනෙම නැහැ .ප්‍රාදේශීය සභා තව අවුරුදු 5 කට අයිත් ඕනේ නැහැ .මොකටද බොරුවට නිකන් සල්ලි නාස්ති කරන්නේ
තව මොන ජන්දද හලෝ .මේ කන්න බොන්න නැතිව මහජනතාව දඟලන වෙලාවේ. තියල බලන්නකෝ හම්බවෙන බලය. රට වනසන කාලකන්නි.
ඔය හදන්නෙ රටේම ඉන්න කාඩයො ටිකට නැවතත් පණ දෙන්න.පළාත් සභාව නැති වුනා කියල මොකක්ද ජනතාවට වෙච්ච අකරතැබ්බය.අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් පාලනය කල බොද්ධ පාසල් 38 ක් වහල දැමේමෙ දකුණු පළාත් සභාව.අම්බලන්ගොඩ තානායම විනාශ කලේ දකුණු දකුණු පළාත් සභාව.මගේ ගම අම්බලන්ගොඩ. අපේ ගමේ සියලු මහජන දේපොල කුණු කොල්ලයට වික්කෙ දකුණු පළාත් සභාව. තානායම වික්කෙ රැපියල් 75,000 කට.2008 වසර දි. අදටත් කැලෑවට යටවෙලා.මහ ඇමති අම්බලන්ගොඩ. ඇයි මුන්ට හෙණ ගහන්නෙ නැත්තෙ.ඒ නිසා පළාත් සභාව අවශ්‍ය නැහැ.බොරැ බොරැ කාරණා වලින් නැවත පළාත් සභා මැතිවරණ අවශ්‍ය නැහැ.මහන්ද දේශපිය මහත්තයත් දැන් ගමට ඇවිල්ල. ඔහුට යම් බලයක් තියෙනව. කෝමෙට පිළියම්.ඒ නිසා මේ අපරාධය කරන්න එපා. වසර කට කෝටි 10000 වියදම් කරන්නෙ මොකටද.අනික දැන් ආණ්ඩුකරයන් වුනත් සත පහකට වැඩක් නැහැ.රටේ කිසිම නීතියක් නැහැ. ගම විනාශ කරන්න බලතල දෙන්න එපා.තටු හැලිච්ච එවුන්ට ඔන්න ඔහොම ඉන්න දෙන්න.