(යොහාන් භාසුර)

වර්තමානයේ ක්‍රියාත්මක පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ (2023) මාර්තු මස 19 වැනිදා දක්වා දීර්ඝ කරමින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මහ නගර සභා, නගර සභාව සහ ප්‍රාදේශීය සභා 2023 වසරේ මාර්තු 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.