IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පළාත් තුනක හදවත් රෝගීන්ට සුබ ආරංචියක්

(අංජුල මහික වීරරත්න)

මෙරට හෘද රෝග ප්‍රතිකාර ක්ෂේත්‍රයේ දියුණුවේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය පිහිටුවීම හෙට (27) සිදු කෙරෙයි.

මහාචාර්ය ජර්ග් ගුනන්ෆෙල්ඩර් ඇතුළු දානපතීන් සහ ස්විට්සර්ලන්තයේ හෙල්ප් කාඩියෝ සංවිධානය විසින් ගාල්ල කරාපිටිය රෝහල සඳහා පිලිප්ස් අසුරියන් ඇන්ජියෝග්‍රැෆි (Philips Azurion Angiography Machine) යන්ත්‍රයක් මිලදී ගැනීමට දැක්වූ යුරෝ 650,000ක මුල්‍ය දායකත්වය යටතේ මෙම කැත්ලැබ් ඒකකය පිහිටුවීමට පියවර ගෙන ඇත.

කැත්ලැබ් කාමරය ප්‍රතිසංස්කරණය කර සකස් කිරීම සඳහා රෝහල තම අරමුදලින් රුපියල් මිලියන 25 ක් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 35 ක මුදලක් වැය කර ඇත.

එමෙන්ම මෙරට හෘද රෝග ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සඳහා 2026 වස­රේ දී අලු­තින්ම කැත් ලැබ් යන්ත්‍ර 11 ක් මුළු දිවයිනම ආවරණය වන පරිදි රෝහල්වල ස්ථාපිත කිරීමට ද අවධානය යොමුව ඇති අතර, මේ වන විට මෙරට රෝහල් පද්ධතියේ කැත් ලැබ් 14 ක් වේ. 

ගාල්ල ජාතික රෝහලේ දෙවන කැත්ලැබ් ඒකකය ස්ථාපනය කිරීමෙන් ඇන්ජියෝග්‍රැෆි (angiography) සහ පර්කියුටේනියස් කිරීටක ප්‍රතිකාර සේවා  (Percutaneous Coronary Intervention -PCI)  සඳහා රැඳී සිටීමේ කාලය වසරක සිට මාසය දක්වා අඩු කළ හැකි වන අතර, ඇන්ජියෝග්‍රැෆි සඳහා දැනට රෝහලේ වසරක පොරොත්තු ලේඛනයක් පවතින අතර, එම පොරොත්තු ලේඛණ ද අවම කිරීමට හැකියාව ලැබේ. 

එමෙන්ම මෙම නව කැත්ලැබ් ඒකකය පිහිටුවීම මගින් වර්තමාන සහ අනාගත රෝග විනිශ්චය සහ හෘද සත්කාර ධාරිතාව පුළුල් කිරීම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල හෘද රෝගවලින් සිදුවන මරණ හා රෝගාබාධ අඩු කිරීම, හෘදයාබාධ රෝගීන් සඳහා පැය 24 පුරාම සේවා සහතික කිරීම, පවතින ඒකකයේ බිඳවැටීම් හෝ නඩත්තු කිරීම් හේතුවෙන් සිදුවන සේවා බාධා අවම කිරීම, වාර්ෂික හෘද රෝගී ප්‍රතිකාර සේවා වත්මන් ධාරිතාවයෙන් දෙගුණයකටත් වඩා වැඩි කිරීම ආදී අරමුණු සඵල කර ගත හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඌව පළාතේ සහ සබරගමුව පළාතේ ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් හෘද රෝගීන් විශාල සංඛ්‍යාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට යොමු කෙරේ.



අදහස් (1)

පළාත් තුනක හදවත් රෝගීන්ට සුබ ආරංචියක්

Bunny Preena Thursday, 27 November 2025 09:07 AM

බොහොම සතුටුදායක පුවතක්... සෞඛ්‍ය සහ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 226 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site