(අංජුල මහික වීරරත්න)
පළාත් තුනක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ.
මෙි අනුව නැගෙනහිර, උතුර හා සබරගමුව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.
ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේය.
අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් වෙන්න කියල ජනාධිපති කාර්යාලයෙන් දන්වනකොට කොහොමද ගොනෝ ස්වේච්චාවෙන් ඉල්ලා අස්වීමක් වෙන්නෙ?
He wants to appoint his UNP goons for these positions, just like all others did in the past. Only in Sri Lanka "Corruption Breeds Corruption" theory can be validated with 100% agreement.
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවලට සභාපති සහ සාමාජිකයින් පත් කිරීමේදී පළාත් සභා පනත අනුව හැකි අවම සංඛ්‍යාවක් පත්කරන්න.දකුණු පළාත තුල එම සංඛ්‍යාව 07 කි.සභාපතිගේ මාසික නිත්‍ය දීමනාව 35000යි.වාහන දීමනාව 50000යි.ඉන්දන දීමනාව බොහෝ මාසවල 50000ට වැඩියි.සන්නිවේදන දීමනාව 13500 යි.සහභාගිත්ව දීමනාව 8000 යි.සභාපතිට ගෙවන මුලු මුදල මාසිකව ලක්ෂ එකහමාර පනිනවා.මොන අපරාධයක් ද මේ.වැඩ කරන්නේ සතියකට එක දිනයි.ඒ දිනයේදීත් පැය දෙකක් පමණයි.මා ඒ සදහන් කලේ තොරතුරැ පනත යටතේ ගත්ත සංඛ්‍ය ලේකන.ඒ නිසා රට අරබුදකාරී අවස්ථාවක අවම සංඛ්‍යව්ක් පත් කරන්න.එමෙන්ම ආණ්ඩුකාරවරැ පත්කිරීමේදිත් නීතිය පිළිබද අවබෝධයක් තිබෙන අය පත් කිරීමට කටයුතු කරන්න.මම වගකීමක් ඇතිවයි මේ ලියන්නේ.මගේ විශාම යාමේ වයස ඉක්මවලත් අදටත් මට විශාම යාමට නොමැකිව ඇත්තේ දකුණු පළාත් සභාවතුල සේවය කරන බොහෝ නිලධාරීන් රටේ මූලික නීතිය පිළිබදව වත් අවබෝයක් නොමැති නිසා.ආණ්ඩුකාර ලේකම් තනතුරටද නිතිය පිළිබද අවබෝධයක් තියෙන කෙනෙක් පත් කරන්න.මොකද.ඒ අය අනුන් වෙනුවෙන් තින්දු තීරණ ගන්න අය.අද මම පීඩාවට පත්ව ඇත්තේ බලධරයින්ටනීතිය පිළිබද අවබෝදයක් නොමැති කම නිසා .
දකුණු පළාතත් වෙනස් කරන්න.
කම්බා හොරු දැමීම.
දැන් තමයි බයියොන්ට තරු පේන්නෙ.
පළාත් සභාවත් ආණ්ඩුකාරවරුවත් රටට අවශ්‍ය නොවේ. ජේ.ආර්. ජයවර්ධන ඇති කළ පළාත් සභා සුදු අලියන්ය. සියලුම පළාත් සභා අහෝසි කර සියලුම ආණ්ඩුකාරවරුන් ගෙදර යවමු. කෙසේවෙතත් පිනාධිපතිවරායාගේ තවත් උප්පරවැට්ටියක් මෙහි ගැබ්ව පවතී. රට වනසනවා හැර ඔහු කිරන දෙයක් නැත.
ලංකාවේ ක්‍රමය තමා අලුත් ජනාධිපති කෙනෙක් පත් උනාම පරන ජනාධිපති පත්කල එයාගේ හෙංචයියන් එලවලා අලුත් ජනාධිපතිගේ හෙංංචයියන් පත් කර ගැනීම. හැබැයි ගොට්ට අල්ලනවා නම් අලුත් එකා උනත් පරන එකා උනත් අවුලක් නෑ.
ජනාධිපතිවරයා පත්වුණේ නියම සම්ප්‍රදායට අනුවද?
පරණ යාළුවො ටික සනසවන්න තියෙනවා නේද? වත්තල කුලප්පු සීය එහෙම ඉන්නවනෙ තාම...අනේ මෙහෙමත් ආණ්ඩු.
අස් කරපු අය හොරකම් නොකරන අවංක අය වෙන්න ඕනි.
සියලුම ආයතන ප්‍රධානීන් සහ අධ්‍යක්ෂක මණ්ඩලවල තනතුරු ඉබේම අහෝසි වෙන්න ඕනේ. ඒ නව කැබිනට් එකක් පත්වුණාම ඒ නිසා මෙතෙක් ඒ අය ගන්නා ලද තීරණ බරපතලයි. මෙතෙක් කළ ගෙවීම් නීති විරෝධී සියල්ල අය කරගන්න අවශ්‍ය අය ඉන්නවා නම් නැවත පත්කරගන්න පුළුවන්...
පින් ජනපතියාගේ හෙන්චයියලා දාන්න හිතාගෙන ඇති...
එයාගේ හෙන්චයියලා දාගන්න නෑ... බලමු ඊළඟ ඡන්දයෙන් එයා ගිය ගමන් අලුත් සෙට් එකත් යයිද කියලා...
වසර 30 ක් අඛණ්ඩව දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස කටයුතු කරන නීතිවේදීන් දෙදෙනෙක් ඉන්නවා. ඉන්න හැමෝටම වයස අවුරුදු 70 පැනලා. සමහරුන්ට වයස අවුරුදු 78,76 යි. අපහාස කරනවා නොවෙයි. ඇවිද ගන්න පණ නැහැ. මම බොරුද කියල කියන්නෙ ඇවිත් බලන්න, බදාදාට... මොකක්ද මේ රට. කිහිප දෙනෙක්ම අවුරුදු 6 ක් ඇතුළත තීරු බදුරහිත වාහන අරගෙන තියෙනවා. මා ළඟ ඒ සියලු තොරතුරු තියෙනවා. ඇතැම් මාසවල ඉන්ධන දීමනාව රුපියල් 83000 දක්වා ගෙවලා තියෙනවා. මම වසර 35ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්. ඉන් වසර 31ක් හිටියේ දකුණු පළාත් සභාවේ. මා දකුණට ආවේ 1992.01.01. අදටත් අන්තර ගහණය කරගෙන නැහැ. අන්තර ගහණය කර ගන්න එක බලධරයින්ගේ රාජකාරියක්. නමුත් මට අඛණ්ඩව වැටුප් පමණක් නොවෙයි, වැටුප් වර්ධකත් දීලා තියෙනවා. ඇත්තටම මේවා විශ්ලේෂණය නොකිරීම ගරු ආණ්ඩුකාරතුමාගේ අඩුපාඩුවක් හැටියටයි මම දකින්නේ... අපිට පොඩි පොඩි දේවල් වලටත් ගරු අධිකරණයේ පිහිට පතන්න සිදුවෙලා තියෙන්නේ පාලනයේ වැරදි නිසා. මේක ඉතා බරපතල තත්වයක්. පසුගිය මාස 137 කින් මට වැටුප් දිලා තියෙන්නේ මාස 04 කට පමණයි. ඒකත් මම 2012දී ගත්තු වැටුපට සමානව. අදටත් මා විශ්‍රාම ගන්වා නැහැ. කාගෙද මේ නීතිය...?