(ඩයනා උදයංගනී)
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම සබරගමුව, බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා කීවේය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd