උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ  සහ  නුවරඑළිය දිස්ත්‍රික්කවලත්  විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

උතුරු පළාතෙත්  ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර්  50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව සහ  වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.  දිවයිනේ  සෙසු  ප්‍රදේශවල පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි  අතර ඇතැම් ස්ථානවලට මිල  මිටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති වේ .