
(නිමල කොඩිතුවක්කු)
කොරොනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ උපරිම සංචරණ සීමා පැනවීමට රජය කටයුතු කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මුළු රටම ලොක්ඩවුන් කිරීමට නොහැකි නම් අඩුම තරමින් පළාත් අතර සංචරණ සීමා පනවමින් හෝ ජනතාව ආරක්ෂා කරගැනීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා ඇත.
එලෙස සිදු නොකළහොත් ඉදිරියේදී දැඩි අවදානම් තත්ත්වයකට රට පත් වනු ඇතැයි ද රෝහණ මහතා සඳහන් කරයි.
රට පුරා තැනින් තැන කොරෝනා අනු පොකුරු වාර්තා වන බවත් ඇතැම් ප්‍රදේශවල සිදු කරන අහඹු පී.සී.ආර් පරීක්ෂණවලදී සියයට 8 සිට 25 දක්වා කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව ද ඔහු සඳහන් කියයි.
රට පත්ව ඇති අවදානම් තත්ත්වයෙන් මිදීමට අහඹු පී.සී.ආර් පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට සහ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉක්මනින් ගෙන්වාගැනීමට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට කහින්න එපා.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්... සැමට ඕනෑතරම් අපේ රටේ බෙහෙත් තියෙනවා. මිනිස්සුන්ව කුලප්පු කරලා අමාරුවේ දාන්න එපා.. කොරෝනා වවාගෙන කන්නේ රජයේ සේවකයන් මොකද ගෙදර ඉඳලා පඩිගන්න පුළුවන් හින්දා.. කරුණාකරලා ඔය මගුල අල්ලලා දාලා මිනිස්සුන්ට පාඩුවේ ජීවත්වෙන්න දීපල්ලා..
ලොකුගේට කියලා බලන්න.
ඔබතුමාගේ මේ ඉල්ලීම දැන් කී දවසක් කළාද? බලධාරීන් මේවා ගණන් ගන්නේ නෑ. දවස ගානේ මැරෙන ජීවිතවලට වගකියන්නෙත් නෑ. වැටෙන ආර්ථිකය නැගිටින්නෙත් නෑ. ඔබතුමාලත් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. අපට වෙන කළහැකි දෙයක් නෑ.
මොනවද මේ කතා
කරුණාකර ඔය කියන ලෙවල් එක හොඳට කලා සේවකයෝ. කොරෝනා උපදෙස් මාලාව පිළිපදිනවද කියලා සොයලා බලන්න. එහෙම නීති කඩන කෙනෙකු ගැන දැනුම් දෙන්න දුරකථන අංකයක් ප්‍රසිද්ධ කරන්න. ඔබතුමාගේ කැපවීම මම අගය කරමි.
ඔබතුමා මුල ඉඳලම කිව්ව දේවල් සහතික ඇත්ත. මේ ආණ්ඩුවට පොඩි මිනිහෙක් හරි විපක්ෂයේ හරි කියන දෙයක් ගණන් ගන්නේ නැහැ. මේ රට මේ අයගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්නේ... අන්තිමට රටම විනාශයි.