(තිලකරත්න දිසානායක)
ගම්පහ, පහළගම ප්‍රදේශයේදී ඉකුත් 20 වෙනිදින මංකොල්ලයක් සිදු කරමින් අයෙකු ඝාතනයට ලක් කළ පුද්ගලයා , පොලිස් නිලධාරීන්ට පහරදීමට යාමේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
ලසන්ත සංජීව (36) නමැත්තා මෙලෙස මියගොස් ඇති අතර නැදගමුව මදුරුවිට ප්‍රදේශයේ නිවසක සිටියදී අත් අඩංගුවට ගිය අවස්ථාවේ, තියුනු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහරදීමට තැත් කළ අවස්ථාවේ පොලිස් වෙඩි පහරකින් තුවාල ලැබූ ඔහු ගම්පහ රෝහලට ඇතුලත් කොට ශල්‍ය කර්මයකට භාජනය කරමින් සිටියදී මිය ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd