
(ඩයනා උදයංගනී)
ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත පැවතීම සහ දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද (14) දිනයේ දී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
දිවයිනේ සෙසු ප්‍රදේශයන්හි සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බව ද එම ප්‍රකාශකයා කීවේය.
ඇතැම් ස්ථානවල මිලි මීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව ඔහු පැවසීය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd