(විජේරත්න රත්නායක සහ ඩී.කේ.රත්න)

 
ඇල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට අද (20) සවස පුද්ගලයන් පිරිසක් විසින් පහරදී ඇතැයි පොලීසිය කියයි.
 
පහරකෑමට ලක්වී ඇත්තේ එම සභාවේ එකම ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රීවරයා වන පුෂ්පරාජා සුරේෂ්කරන් මහතාය. ඔහු ඇල්ල ගෝවුස්ස කුරුදුගහමඩ පදිංචිකරුවෙකි.
 
ඇල්ල බල්ලකෙටුව මාර්ගයේදී පුද්ගලයින් 6දෙනෙකු එක්ව ඔහුට පහරදී ඇති බවත් පෞද්ගලික ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව ඇති බවත් පැවසේ.
 
පහරකෑමෙන් තුවාල ලත් මන්ත්‍රීවරයා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
 
පහරදීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ඇල්ල පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
 
මෙම මන්ත්‍රීවරයා ඇල්ල ප්‍රාදේශීය සභාවට ස්වාධීක කණ්ඩායමක් යටතේ තරග කර  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.