( පුෂ්පකුමාර මල්ලවආරච්චි)

යතුරු පැදිය නොනවත්වා ධාවනය කළැයි උරණව පියතුමෙකුට පහර දුන් බව කියන පොලිස් යතුරු පැදි ඒකකයේ හය දෙනෙකු අද( 25) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි.

ඊයේ (24)  රාත්‍රි 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමේ කිරිඳිවිට ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන  ඇග්‍රෝ ටෙක්නිකල්  ෆාම් වරාදල මැල්ලවගෙදර ලීපිනයේ පදිංචි විතාරණගේ මිලාන් ප්‍රියදර්ශණ   පියතුමා මීගමුව රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.