
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 21වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තුව ලබන සතියේ 21 වැනිදා බ්‍රහස්පතින්දා සහ 22 වැනිදා සිකුරාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක්, තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග දෙකක් ලබන 22 වැනිදා සිකුරාදා විවාදයට ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් වාර්තා පිළිබද සභාව කල් තැබීමේ විවාදයක් ඉන් අනතුරුව පැවැත්වේ.
මේ අතර ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව සිදුකළ ස්ථාවර නියෝග සඳහා යෝජිත සංශෝධන පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන්ගේ දැනගැනීම පිණිස මෙහිදී සභා ගත කෙරුණු අතර එම සංශෝධන ඉදිරියේදී සාකච්ඡා කිරීමටද තීරණය විය.
තවද චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ කාලය පෙ.ව 11.00 ටත් ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සදහා වෙන් කළ කාලය පෙ.ව 11.15 ටත් අවසන් කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්තබන අවස්ථාවේ නොවෙයි, මේ වෙනුවෙන්ම රැස්වීමක් කැඳවා සාකච්ඡා කරන්න...
බොරුවට කාලේ කනවා... සල්ලි විනාශ කරනවා.
තර්කානුකුලව ඉදිරිපත් කෙරෙන කරුණුවලට විසඳුම් ගැන සොයන්නේ නැත් නම් , විවාදයත් කාලය නාස්ති කිරීමක්. හයියෙන් කෑ ගැහීම, තුන්වන පන්තියේ වචන භාවිතා කිරීම, පරණ මඩ කවලම් කරලා ගැසීම, අත් එසවීම සැබෑ විවාදයක් නෙවෙයි.