
(පැතුම් දර්ශන)
අහිමි කළ පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත්, වගාවන්ට සුදුසු පොහොර ලබා දී රජය මගින් ලබාදුන් කාබනික පොහොර භාවිතා කිරිම නිසා හානි වූ සියලු වගාවන්ට වන්දි ලබාදෙන ලෙසත් ඉල්ලා රජයට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් ඊයෙ(19) දහවල් හොරොව්පොතාන නගරයෙදී පැවැත්විණි.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබූ එම උද්ඝෝෂණයට හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සියලු ගම් නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
හොරොව්පොතාන සතිපොල අසලින් උද්ඝෝෂණය ආරම්භ පා ගම සටන් පාඨ කියමින් හොරොව්පොතාන නගරයට පැමිණ පසුව ප්‍රාදේශි ලේකම් කාර්යාලයටත් අනතුරුව ඒ මොහොතේ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුව පැවැත්වූ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයටත් පැමිණ ප්‍රාදේශීය ලේකම්තුමියට ගොවියන්ගේ ඉල්ලිම් ඇතුළත් සංදේශයක් බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර මොකටද ගොවිතැන කරන්න මහන්සි වෙන්නේ? මොකටද අපේ ආචාර්ය බන්දුල වෙළෙඳ ඇමැති උත්තමයා හිඟමනට බැහලා. දැන් චීන්නු හාල් කිලෝ ලක්ෂ දහයක් නොමිලයේ දෙන්න (හිඟන්නට දෙන්න) පොරොන්දු වුණාලු. පෙළපාලි ගිහිල්ලා ලේ කුපිතකර ගන්න එපා.
ඔබලා වී විකුණන මෝල් කාරයින්ගෙන් පොහොර සහනාධාරය ලබාගනිව්..!
ප්‍රශ්න මේ වගේ අනාගත් ත කෙනෙක් විජය රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන් අදවෙනක ඉන්න නැතුව ඇති එක්කෝ තමන්ට මොලයක් -බුද්දියක් තියෙන්න ඕන නැත්නම් අනිත් විශේෂඥයෝ කියනදේ අහන්න ඕන මෝඩකමයි - උද්ද්දච්ච කමයි -මම පොර සංකල්පයයි එකතු උනාම වෙන්නේ මහා විනාශයක් දැන් බයිලා කියනවා කරපු හරිත කෘෂිකර්මය හරිලු නිලදාරී හරියට කොරේ නැහැලු ! උන් හරියට කරන්නේ නැත්නම් නායකයා නිදාගත්තද ? පාරේ තාර දාන ඒක හරියට නොකරනම් සුපවයිසර් වග කියන්න ඕන කෙල උනාට පස්සේ අරුන්ට බැනල වැඩක් නැහැ ගොවියාත් පාරිබෝගිකයත් අනාත්ම කරලා දැන් චීනෙන් බුරුමෙන් හාල් ගෙන්නනවා මේවා කාබනික පොහොර දමල හදපුව වෙන්න ඇති ! අනේ මෙහෙම මීහරක් රංචුවක්
විජය රජ්ජුරුවන්ගේ කාලේ? මොනවා ඔය කියන්නේ සිංහලයින්ගේ රටට ආව විජයන් කියන මලයාලි කල්ලතෝනියා ගැනද? අනේද කියන්නේ...!