(යොහාන් භාසුර)

කාබනික පොහොර රැගත් නෞකාව පිළිබඳ ප්‍රශ්නය ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොවන බවත් එය හුදෙක්ම වාණිජ ගණුදෙනුවක් හේතුවෙන් පාර්ශවකරුවන් දෙදෙනකු අතර ඇති වූ ප්‍රශ්නයක් බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (8) පැවසීය.

එය කිසිසේත්ම ආණ්ඩු දෙක අතර තියෙන ප්‍රශ්නයක් නොවන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඒ ප්‍රශ්ය උසාවියට ඉදිරිපත් වී ඇත්තේ රටවල් දෙක අතර උරණවීමක් හෝ රටවල් දෙක අතර ප්‍රශ්නයක් ලෙස නොවන බව ද සඳහන් කළේය.

මෙහිදී නඩු පවරා ඇත්තේ චීන සමාගමකට මිස චීන ආණ්ඩුවට එරෙහිව නොවන බවත් අධිකරණය හමුවේ තියෙන නඩුවක අන්තර්ගතය පිළිබඳ කිසිවක් කථා කළ නොහැකි බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වැඩි දුරත් කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (08) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය