(අජන්ත කුමාර අගලකඩ)

යල කන්නයේ වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය යූරියා ඇතුළු රසායනික පොහොර හිඟයකින් තොරව සාධාරණ මිලකට ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කෘෂිකර්මය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .

මන්ත්‍රීවරයා කෘෂිකර්ම ඇමතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර ඇත .

සක්‍රීය ගොවි ජනතාවක් වෙසෙන දඹුල්ලේ ජනතා නියෝජිතයකු වශයෙන් තමා මෙම ඉල්ලීම වගකීමෙන් කරන බවද මන්ත්‍රීවරයා ඇමතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ .

තමා පොහොර ගැටලුව කෘෂිකර්ම කාරක සභාවේ දී මෙන්ම අවස්ථා ගණනාවකදීම ද ඉදිරිපත් කර ඇතැයි ද , මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි ද එහි සඳහන් කර ඇත.

මන්ත්‍රීවරයා කෘෂිකර්ම ඇමතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සඳහන් වෙයි .