(මනෝප්‍රිය ගුණසේකර)
එකඟ වු පරිදි ජීවානුහරණය කළ කාබනික පොහොර එවීමට වු එකඟතාවය අනුව කටයුතු නොකරන ලදැයි කියමින් ‘චින්ඩාඕ’ චීන සමාගමෙන් කාබනික පොහොර ආනයනය කළ දේශිය නියෝජිතයාට ණයවර ලිපි මඟින් මුදල් ගෙවීම වළක්මින් මහජන බැංකුවට හා දේශිය නැව් සමාගමට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරිමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (03) නියම කළේය.
කාබනික පොහොර තොගයේ ක්ෂුද්‍ර ජීවීන් අඩංගු විය හැකි බවට ‘චින්දාඕ’ සමාගම පිලිගෙන ඇති හෙයින් ණයවර ලිපි මගින් ගෙවීම් කටයුතු කිරීම තහනම් කරන්නැයි ඉල්ලා සීමාසහිත ලංකා පොහොර සමාගම ඉදිරිපත් කළ පෙත්සම යළි කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් පවරා ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ‘චින්දාඕ’ චීන සමාගම හා දේශිය නියෝජිතයා නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd