
(ඩබ්ලිව්.ඒ. අසේල)
මහනුවර රන්දෙණිගල මාර්ගයේ කිවුල් ළිඳ හන්දිය ආසන්නයේ දී මෝටර් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටී තිබේ.
අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කර ඇති.
මොවුන් රටේමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර රිය පැදවීමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා මෙම මාර්ගයේ ගමන්කර ඇත.
වික්ටෝරියා ජලාශයට අයත් කිවුල්දිද ඔය මේ දිනවල පතුලටම සිඳීගොස් ඇති අතර ජලාශය පිරී ඇතිවිට මෙම ප්‍රදේශයේ අඩි සියයකට වඩා ජලයෙන් පිරී පවතී. එසේ නොවන හෙයින් මොවුන්ගේ ජීවිත අනූනවයෙන් බේරී ඇතැයි අවට සිටි පිරිස් හා පොලිස් නිලධාරීන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුහුණු කෙරුවේ කවුදැයි කියන්න..ඔබටද එලෙස පුහුණු විය හැක...
ඔය තියෙන විදිහට වඩා හොඳයි රෝද ටික ගලවලා යටට සවි කෙරුවාම... හරිද? මම හිතන්නේ කපුටාස් වෑන් එකේ හැපෙයි එතකොට...