(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකයෙක් පත්කරන බවත් හිස තෙල් ගාලා නැකතට වැඩඅල්ලා නව නායකයා ප්‍රකාශයට පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අද (10) පැවසීය.
පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලො වගේ මේ වන විට හැසිරෙන බව කී බණ්ඩාර මහතා දෑත් ශක්තිමක් කරන්නේ යැයි කියන එම කොවුල් පැටව්න්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන කපුටු කූඩුව ඔවුන්ව රැකගත් බව අමතක වී ඇති බව ද සඳහන් කළේය.
එම කොවුලන්ට බිත්තර දාන්න නැවත කපුටු කූඩුවට ඒමට සිදුවන්නේ යැයි අමතක වී ඇති බව කී ඒ මහතා පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් ඉදිරිපත් වන පිරිසක් පමණක් මැතිවරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට බංකොලොත් කළ පොහොට්ටුව ආයේ කිසිදා බලයට ගෙන ඒමට බැහැ.මැරිලා කුණුවුණු පොහොට්ටුව වළලා දමනවා මිසක් ඒකට ආපසු පණ දෙනවා කියනා එකක් නිකම්ම නිකං මෝඩ කතාවක් වගෙයි පෙනී යන්නේ ...
හිසතෙල් ගාන්නේ 15-16. වැඩ අල්ලන්නේ 14. හිසතෙල් ගාල (15-16) වැඩ අල්ලලා (14) නායකයෙක් පත්කරන එක අවුල් වගේ.
පොහොට්ටුව කියන්නේ පක්ෂයක් නෙමෙයි රාජපක්ෂලාගේ පවුලේ ව්‍යාපරය , ඉතින් ඕකට කොහොම ගියත් පවුලේ කෙනෙක් තමයි නායකයා වෙන්නේ
හිස තෙල් ගාල????
වැදගැම්මකට නැති පුවතක් . මාධ්‍ය සගයිනි, දේශපාලකයින්ගේ හීන් නූලේ වැඩ වලට ඔබගේ සහයෝගය ලබා නොදෙන්න. මෙවැනි නොවැදගත් පුවත් උලුප්පා දැමීම නතර කරන්න ...
මෙ යකාව මානසික රෝහලකට දාන්න ඔනි.
කවුද කපුටද , එහෙම නැතිනම් නාමල්ද ? දැන් ඔයාල කුනුබක්කියට වැටිල ඉවරයි.
පුත්තලම් බූරුව හොඳ නැද්ද?
කොයි නායකය ආවත් සෙට් එක එකක් අනාගතයක් නැහැ.
ඔය කියන විදියට තට්ටේ පෑදිච්චි කෙනෙක් ද කවුද දන්නේ. දූෂිත පවුල් පාලනේ උන්ගේ පොහොට්ටුව තමා මේ රට බන්කොලොත් කෙරුවේ?
හිසතෙල් නෙමෙයි හිසකුඩිච්චි දාගනිල්ලා...
කොණ්ඩේ බැඳපු චීනෙක් නැද්ද?
මහලේකමා කියන්නෙ කපුටා හොදයි කියලා නුඹත් කියන්න ඒකමද රංජියෝ දේශපාලනය කරනවා නම් විජේතුංග මහතා ජනාධිපති වුනා වගේ නායකත්වයට සූදානම් වෙන්න ඕන එහෙම නැතුව තමුන් මගහැරලා පැත්තක ඉන්න එකෙක් යෝජනා කරනවා කියන්නෙ තමුන්ට කොන්දක් නැහැ කියලා ඔප්පු කිරීමක් තමයි.