(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගහරුවාදා (17) උදේ 8.00 ට පැවැත්වේ.
වර්තමාන දේශපාලන තත්වය සහ නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම ඇතුළු කරුණු ගණනාවක මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරෙනු ඇත. මේ සාකච්ඡාවට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා(14) පෙරවරුවේ පැවැත්විණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd