
(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම දැඩි ලෙස කලකිරීමට පත්ව ඇති බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු වන බවට දින වකවානුද සහිතව පසුගිය කාලය පුරා විවිධ ආරංචිපැතිර ගිය අතර,පොහොට්ටුවේ මන්ත්‍රීවරුද ඒ පිළිබඳව දැඩි ලෙස බලාපොරොත්තු ඇතිව සිටියහ.
මේ අතර ඇමතිධුර ලබා දිය යුතු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද එම පක්ෂයේ නායකයන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට මාස ගණනාවකට පෙර යවනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ත පොහොට්ටු මන්ත්‍රී මැරයින්ට දිය යුත්තේ කැබිනට් ඇමැතිකම් නොව කරනලද හොරකම් සහ අපරාධ වෙනුවෙන් දැඩි සිරදඬුවම්ය. ප්‍රජා අයිතිය අහෝසි කළයුතු හොරුන් පිරිසක් විසින් රටත්, ජනතාවත් පාවිච්ච් කරන අයුරු අපුරුබව පෙනේ. විසඳුම් සොයා ජනතාව වෙතට බලය පැවරිය යුතුයි.
ඔය කට්ටියගෙන් වැඩිදෙනා රටට කිසිම වැඩක් නැති අපතයින්...
මේ අය තාම රනිල් කවුද කියලා අඳුරන්නේ නෑ.
කාලකන්නි හැත්ත. ඔවුන්ට ඕනෑ පට්ටම්. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නවා. ඒත් ඔවුන්ට ඕනෑ පට්ටම්. අපේ සල්ලිවලින් සැප ගන්න ලැජ්ජාවක් නැතිද?
පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලාපොරොත්තුව ඉටුවුණොත් සමස්ථ ලංකාවේ ජනතා බලාපොරොත්තු සුන්වෙනවා.. ඒ නිසා වඩාත් වටිනා දෙයක් කළොත් ඉතාමත් හොඳයි...!
හොරා කෑමට බනින්නේ පොහොට්ටුවේ අපතයින්...
අනේ පව්... තවත් හොරා කන්නද බලා ඉන්නේ...?