
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු වන ලකුණු 198 බැගින් ලබා දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සිසුන් පස් දෙනෙක් සමත් වූහ.
ගම්පහ සුමේධයේ ශෙනුල් අක්මීමන, අනුරාධපුර සාන්ත ජෝශප් පිරිමි විද්‍යාලයේ ගම්පලගේ නවංග හංස රාජ් ෆොන්සේකා, ගම්පහ ගෝතමී විද්‍යාලයේ හිරුෂ කේෂාන් විජේසිංහ,බණ්ඩාරගම අලුබෝමුල්ල මහ බෙල්ලන ප්‍රාථමික විද්‍යාලයේ හෙවිදු හසරැල් පෙරේරා සහ බදුල්ල විහාරමහදේවි බාලිකා විද්‍යාලයේ ඩබ්ලිව්.එම්. දුලනි සංදිනි එම සිසු සිසුවියෝය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මුළු ලකුණු සංඛ්‍යාව 200ක් වන අතර ඉන් ලකුණු 198ක් හිමිකර ගැනීම එම සිසුන් පස් දෙනාගේ විශාල ජයග්‍රහණයක් බව ද ගුරුවරු සහ විදුහල්පතිවරු පවසති.
තමන් ශිෂ්‍යත්ව විභාගයට පහසුවෙන් මුහුණදුන් අතර ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාගත හැකි බවට විශ්වාසයෙන් පසු වූ බව ජයග්‍රාහී සිසුහු පැවැසූහ.
අධ්‍යාපනයෙන් ඉහළට ගොස් රටට සේවයක් කිරීම තමන්ගේ අරමුණ බව ඔවුහු ලංකාදීපයට පැවැසූහය.
(රංජන් කස්තුරි, තිලකරත්න දිසානායක, බී.ජි.චතුරංග, බිමල් ශ්‍යාමන් ජයසිංහ,සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්
---------------------------------------
2023 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇත.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් අපේක්ෂකයන්ගේ විභාග අංකය මගින් ප්‍රතිපල ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන ය ට වෙන් කරන මුදල් තව වැඩි කරලා පහසුකම් තියෙන පාසල් හැදුවා නම් ලමයින්ට තමන්ගේ ලමා කාලය තව සතුටින් ගත කරන්න තිබුනා
මෙච්චර ඉක්මනට . නියමයි
සතුටුයි...!
2023 ශිෂ්‍යත්ව ප්‍රතිඵලය ඉක්මනින් එවන්න. ස්තූතියි!
දුර පළාත්වල දරුවන්ව දෙමව්පියන්ගෙන් වෙන්කරලා කොළඹ එවන්න එපා. බොහෝ දක්ෂ දරුවන් ඒ හින්දා අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නවා...
ගම්වල දක්ෂ දුවලා පුතාලා ඉන්න බව මේ ප්‍රතිඵල වලින් ඔප්පු වුණා...
නියමයි..., ජයෙන් ජයම වේවා...!
මේ දරුවන්ට අපේ සුබ පැතුම්...!
198 ගත්තු කීප දෙනෙක් ඉන්නේ විභාගයේ තත්වය බාල වෙලාද? නැතිනම් අතිදක්ෂයින්ද?
දූපුතුන් සියලු දෙනාටම හොඳ අනාගතයක්...!
රටේ සම්පත්...
උත්සාහ කරන්න.
ගම්වල දක්ෂයන් ඉන්න බව මනින්න තියෙන හොඳම මිම්ම තමයි ශිෂ්‍යත්ව විභාගය.. 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය කවදාවත් අහෝසි කරන්න එපා...