(ඩයනා උදයංගනී)
පස්සර ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර් ප්‍රේමසිරි මහතා පැවසීය.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙක් ද ඇතුළත්ය.
තමන් තිදෙනා අනතුර සිදුවූ ස්ථානයට ගොස් තොරතුරු සොයාබැලූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා පෙරලී ඇති ගල් පර්වතය මෙතෙක් කල් ඉවත් නොකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහි දී සොයාබලන බව ප්‍රේමසිරි මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කවුරුත් එකයි.
මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකි. ස්වාධීන කමිටුවක් තමයි පත්කළ යුත්තේ...
කමිටු මක්කටෙයි.. බලාංශයේ දරුවෙකුන්ගේ ඇහුවොත් කව්ද පුතේ වැරදි කරුවන් කියලා.. පළමු පිළිතුර ලොකු ගලක් නිසා පාර වැහිලා පාර අයිති මාමලා සීයලා වැරදියි සහ ඩ්‍රයිවර් අංකල්ලා රේස් යනවා. ඒ ගොල්ලෝනේ.. අපායට යන්නේ ඒ නිසා ඒ ගොල්ලොත් වැරදියි.. මොන කමිටුද මෙයා... මගුලක් කතාකරනවා. පව් ඒ මියගිය මිනිසුන් සහ තුවාල ලබපු ඒ මිනිසුන්.. කණගාටුව නම් බස් එකේ රියදුරු මගමරුවා පරලොව නොගිය එක. බසයේ මෙම ලොරියේ මගමරුවාට සදහටම රියදුරු බලපත්‍රය අවලංගු කළ යුතු අතර මේ දෙදෙනාවම රජයේ බෝඩිමට ගාල් කළ යුතුයි...
මේකත් පාස්කු ඉරිදා කමිටුව වගේ තමයි. මහජනයා ගොනාට අන්දන්න තවත් නාටකයක් රඟදක්වන්න යනවා.
ඕකට කොමිසන් තියලා සල්ලි නාස්ති කරන්නේ මොකටද? ඉදිරියේ මාර්ග බාධක ගල් පෙරලීම් තිබේ නම්, අනතුරු ඇඟවීම දැන්වීම් මාර්ගයේ අඩි 300 දුරින් දිවා රැය දෙකේ පෙනෙන පරිදි සවිකළ යුතුයි. මෙහි වගකීම මහා මාර්ග අධිකාරිය, මාර්ග අයිතිකරු සතු අතර, ඔවුන් වන්දි ගෙවිය යුතුයි. කැමරා පින්තූර අනුව ටිපර් රථය රියැදුරා අධික වේගයෙන් රිය පදවා ඇත.
අපේ රට අගාධයට වැටීම ගැන හොයන්න කමිටුවක් පත්කරන්නේ නැතිද? අපේ රටේ දේශපාලුවොත් වැඩ කරන්නේ ඔය බස් රියදුරු වගේම තමයි.
මෙම අනතුරට ප්‍රදාන හේතුවක් බව පෙනෙන්නේ පාරට ගලක් පෙරලි දිගු කලක් ඉවත් නොකර තිබීමෙන් පාර අවහිර වී අනාරක්ෂිත වීම. මෙය කිසියම් නිළධාරියෙක් තමන්ගේ රාජකාරිය මඟ හැරීමේ ප්‍රතිඵලයක් මත සිදුවූ අනතුරක් බවයි පෙනෙන්නේ... කෙනෙක් තමන්ගේ රාජකාරීන් අතපසු කරන විට වන්දි ගෙවීමට සිදුවන්නේ වෙනත් පිරිසකටයි.
ඒ කමිටු වාර්තාව විශ්ලේෂණය කරන්න තවත් මෝඩ ඇමතිලා පස්, හය දෙනෙක් ඉන්න කමිටුවක් පත්කරන්න..