( ප්‍රසන්න පත්මසිරි)
පස්සර දී පෞද්ගලික බස් රථ අනතුර දැක දැකත් පළාගොස් සැගව සිටි බව කියන ට්‍රිපර් රථ රියදුරා සහ අනතුරට ලක්වු බසය පැදවු රියදුරා ලබන 25 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන සිල්වා මහතා නියෝග කළේය.
අනතුරට ලක්වු බස් රථයේ රියැදුරා වන කේ.ආර් නිහාල් චන්ද්‍රකාන්තන් හා ලොරි රථය රියැදුරා වූ බදුල්ල හිදගොඩ පදිංචි දිසානායකලාගේ චන්ද්‍රකුමාර් යන දෙදෙනා රක්ෂිත බණ්ධනාගාර ගත කර තිබේ.
අනතුරින් තුවාල ලැබූ බස් රථ රියැදුරා දැනට බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් මහේස්ත්‍රාත්වරයා රෝහලට ගොස් තුවාල ලබා සිටින බස් රියැදුරා නිරීක්ෂණය කිරීමෙන් අනතුරව එම නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු ඇසීමට මෙම බස්රථයේ මඟමරුවා ජීවත්වීම පිළිබඳව අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු.
අනතුර දැක දැක පලාගියාද? නැතිනම් බස් රියදුරා ටිපර් රථය පෙනි පෙනී බස් එක දැම්ම නිසා තමන්ගේ ආරක්ෂාවට පණ බේරා ගන්න ගියාද? එතකොට කළුගල පාරෙන් තියලා තියෙන්නේ ටිපර් රියදුරාද? මාස 06ක් යනකල් නිදාගෙන හිටපු නිලධාරීන්ට දඬුවමක් නැද්ද එතකොට?