(රංජන් කස්තුරි)

ජාතික ජල සම්පාදන මණ්ඩලය පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර ඇතැම් පාසල්වල ජල සබඳතා අත්හිටුවන බවට අවසන් නිවේදන නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයට චෝදනා කරයි.

ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් පාසල්වලින්  ජලගාස්තු අය නොකළ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට ගාස්තු අය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව ද ලංකා ගුරුසංගමයේ  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

පාසල්වල ජල සබඳතා අත්හිටුවහොත් දරුවන්ට බීමට ජලය නොමැතිවීමෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව ද ඔහු කීය.