(යොහාන් භාසුර)
ගෑස් භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව ඊළඟ පරම්පරව දැනුවත් කිරීමේ අරමුණින් ‘හෙට සුරකින අපේ ළමයි’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.
ගෑස් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වාර්තා වූ ඇතැම් සිද්ධීන් පිළිබඳව අවදානය යොමු කර මෙම මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බව කී මුදිත පීරිස් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රශ්න විචාරාත්මක, විවාද සහ කථික තරගමාලාවක් සංවිධානය කර ඇති බව ද සඳහන් කළේය.
ගෑස් ආරක්‍ෂිතව පාවිච්චි කිරීම, අරපිරිමැස්මෙන් භාවත කිරීම සහ ගෑස්වල අඩංගු සංඝටක ආදිය පිළිබඳව ගෑස් පාවිච්චියට පිවිසෙන රටේ ඊළඟ පරම්පරාව වන උසස් පෙළ දරුවන් දැනුවත් කිරීමට මූලික තරග වට පාසල් 500 කට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් ළමුන්ට ගෑස් ගැන පාඩමක්