(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා ප්‍රකාශ කළේය.
ඒ සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මව්ලනා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත් කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සිවඥානම් ශ්‍රීතරන්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම්, අමරකීර්ති අතුකෝරළ, ඩයනා ගමගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය මහත්ම මහත්මීහු මෙහි සාමාජිකත්වය දරති.
මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා කීවෙි නීතිය පිළිබඳ මහජනතාව සතු දැනුම ඉතා පහළ මට්ටමක පවතින බැවින් ඒ ගැන මූලික අවබෝධයක් දරුවන්ට ලබා දීම ඉතාමත් වැදගත් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට රනිල් වික්‍රමසිංහ විසින් ගත් තීරණයකි. අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සොයාබැලීම වැදගත් වේ.
මෙය පසුගිය රජය මගින් ගත් හොඳ තීරණයක්... මෙය විනයක් ඇති සමාජයක් බිහි කිරීමට හොඳ අඩිතාලමක්...
ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ රැළට උගන්වලා ඉන්න...
ගොඩක් හොඳ ප්‍රවේශයක්. ළමයින්ට නීතිය සහ මුදල් භාවිතය ගැන කියාදෙන්න අවශ්‍යයි.
මේ ගොල්ලෝ මේ ලොකුවට කරන්නේ අනික් පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබිච්ච ඒවා. නිකන් ඉන්නකොට ඒවත් කියවලා බලන්නකෝ.. මේ ගොල්ලෝ නීතියයි, නීතිය නමන හැටියි දෙකම උගන්වන්නද දන්නේ නැහැ මේ යන්නේ.. ?
කාලෝචිත යෝජනාවක්... නමුත් අපේ මිනිස්සු ඕවාගෙන් ගන්නේ හොඳ පැත්ත නොවේ. අම්මලාට, තාත්තලාට, ළමයින්ට, ගුරුවරුන්ට නීතිය ඉගෙන ගන්න වෙයි. දඬුවමක්වත් දෙන්න බැරි වෙයි. උසාවි, පොලිසි යයි විරුද්ධව.. ඕකයි වෙන්නේ.
ශරියා නීතියද දන්නේ නැහැ.. මාර වැඩක් වෙන්න යන්නේ.
සමහරවිට කැකිල්ලේ නීතිය වෙන්න ඇති. දේශපාලකයෝ දන්නෙත් ඒකනේ...
උගන්වලා මදි, පිළිපදින්නත් කියලා දෙන්න ඕනේ.