(රංජිත් රාජපක්ෂ)
හදිසියේ රෝගාතුර වූ පාසල් සිසු සිසුවින් අටදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (05) ඇතුළත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය.
රෝහල්ගත කරන ලද්දේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ටින්සින් දමිළ මහා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් හත්දෙනෙකු සහ එක් සිසුවෙකි.
ස්වසන අපහසුතාවයක් සහ කැස්ස යන රෝග ලක්ෂණ ඇතිව එම සිසු සිසුවියන් රෝහලට ඇතුළත් කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
අද උදෑසන පාසල පැවැත්වෙන අතුරතුර ඔවුන් රෝගාතුර වූ බවත්, එම සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වැඩදුරටත් පැවසීය.
මෙම සිසු සිසුවියන් හදිසියේ රෝගාතුර වීම සම්බන්ධයෙන් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd